Impartial news reporting for a stronger democratic society
පාකි­ස්තා­න – ඇෆ්ග­නි­ස්තා­න දේශ­සී­මා වසා දැමීමෙන් තලේබාන්වරු අර්බුදයක ! ජාත්‍ය­න්තර වෙළෙ­ඳාමට විකල්ප මාර්ග සොයයි

පාකි­ස්තා­න – ඇෆ්ග­නි­ස්තා­න දේශ­සී­මාව වසා දැමීම හේතු­වෙන් සිය වෙළෙඳ කට­යුතු සඳහා විකල්ප මාර්ග සොයා ගැනී­මට තලේ­බාන් රජයේ අව­ධා­නය යොමු  කැර ඇතැයි එරට කාමා පුවත් සේවය සඳහාන් කරයි. ඇෆ්ග­නි­ස්තානය ජාත්‍ය­න්තර වෙළෙ­ඳා­මෙන් 40%ක් පාකි­ස්තා­නයේ ටොර්කම් සහ චමාන් දේශ­සීමා හරහා සිදු­වන අතර, යුද ගැටුම් උත්සන්න වීම හේතු­වෙන් ඇෆ්ග­නි­ස්තා­නයේ වෙළෙඳ කට­යු­තු­ව­ලට දැඩි බල­පෑම් එල්ල වී ඇතැයි ද කාමා පුවත් සේවය වැඩි­දු­ර­ටත් සඳහාන් කරයි.

ඊට විකල්ප වශ­යෙන් ඉරා­නයේ චබ­හාර් වරාය හරහා ඉන්දි­යාව, උස්බෙ­කි­ස්තා­නය, ටර්ක්මෙ­නි­ස්තා­නය සහ කස­ක්ස්තා­නය වැනි රට­වල් සමඟ වෙළෙඳ කට­යුතු පුළුල් කැර­ ගැ­නී­මට ගොඩ­බිම් සහ ගුවන් මාර්ග ඇතුළු විකල්ප මාර්ග භාවිත කිරී­මට තලේ­බාන් රජය සැල­සුම් කැර  ඇත.

මෙයට පෙර පසු­ගිය වසරේ අග­භා­ග­යේදී සහ මේ වසරේ වැඩි කාල­සී­මා­වක දේශ­සීමා යුද ගැටුම් හේතු­වෙන් දෙරට අතර දේශ­සී­මාව සති ගණ­නා­වක් පුරා වසා දැමී­මට සිදුවී ඇති බැවින් ඇෆ්ග­නි­ස්තා­නයේ  අප­න­ය­න­ක­රු­වන්ට අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 200ක මාසික පාඩු­වක් සිදු වී ඇතැයි ද කාමා පුවත් සේවය සඳ­හන් කළේය. දේශ­සීමා හරහා සිදු­වන වෙළෙඳ කට­යුතු අත්හි­ටු­වීම ඇෆ්ග­නි­ස්තා­නයේ උද්ධ­ම­නය ඉහළ යෑමට ද හේතු වී ඇති බව පැවසේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp