
පාකිස්තාන සහ ඇෆ්ගනිස්තාන නියෝජිතයන් අතර තුර්කියේ ඉස්තාන්බුල් නගරයේ පැවති සාම සාකච්ඡා අසාර්ථක වී ඇතැයි තලේබාන් රජයේ මාධ්‍ය ප්‍රකාශක සබියුල්ලා මුජාහිද් රොයිටර් පුවත් සේවයට පවසා තිබේ.
පාකිස්තානයේ අභ්‍යන්තර ආරක්ෂාව බිඳ වැටීමේ වගකීම භාරගන්නා ලෙස පාකිස්තාන රජය කළ ඉල්ලීම ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය ප්‍රතික්ෂේප කරනු ලැබීම ඊට හේතු වී ඇතැයි තලේබාන් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් රොයිටර් පුවත් සේවයට වාර්තා කැර තිබේ.
සාම සාකච්ඡා අසාර්ථක වුවද දෙරට අතර දේශසීමා ගැටුම් සම්බන්ධව ඇති කරගත් සටන් විරාමය තවදුරටත් ක්‍රියාත්මක වන බවත්, ඇෆ්ගනිස්තානයේ සිට ක්‍රියාත්මක වන ටෙහ්රීකි තලේබාන් පාකිස්තාන සංවිධානයෙන් ප්‍රහාරයක් එල්ල නොවන තාක්කල් සටන් විරාමය පවතිනු ඇතැයි පාකිස්තාන ආරක්ෂක ඇමැති කවාජා මොහොමඩ් ප්‍රකාශ කැර ඇතැයි අනාවරණය වෙයි.
එහෙත් එම සංවිධානය පාකිස්තානය තුළ සිදු කරනු ලබන ත්‍රස්ත ප්‍රහාර නැවැත්වීමට තලේබාන් රජයට නොහැකි බවත්, එය පාකිස්තාන හමුදාව පාලනය කැරගත යුතු බවත් තලේබාන් මාධ්‍ය ප්‍රකාශක වැඩිදුරටත් සඳහන් කැර තිබේ. පාකිස්තානයේ අභ්‍යන්තර ත්‍රස්ත ප්‍රහාර සිදු කරනු ලබන ටෙහ්රීකි තලේබාන් පාකිස්තාන සංවිධානයට ඇෆ්ගනිස්තානය තුළ රැකවරණය ලැබෙන බවට දිගින් දිගටම චෝදනා එල්ල වී ඇති අතර, තලේබාන් රජය එම චෝදනාව ප්‍රතික්ෂේප කැර ඇතැයි ද සදහාන් වෙයි.
