
පාකිස්තානය සහ චීනය ඒකාබද්ධව සංවර්ධනය කරනු ලැබූ ජේ.එෆ්-17 ප්‍රහාරක ජෙට් යානා මිලදී ගැනීම සඳහා රටවල් රැසකින් වැඩි ඉල්ලුමක් ලැබී ඇතැයි පාකිස්තාන අගමැති ශෙබාස් ෂරීෆ් තහවුරු කළ බව එරට ඩෝන් පුවත් සේවය සඳහාන් කැර තිබේ.
එම ප්‍රහාරක ජෙට් යානා සඳහා ඉල්ලුම වැඩිවි ඇත්තේ පසුගිය වසරේ මැද භාගයේදී ඉන්දීය හමුදාවට එරෙහිව සිදු කළ දින 4ක යුද ගැටුම්වලින් පසුව බව ද කැබිනට් මණ්ඩල රැස්වීමකදී පාකිස්තාන අගමැතිවරයා සඳහන් කැර ඇතැයි ඩෝන් පුවත් සේවය වැඩිදුරටත් සඳහාන් කරයි.
එම පුවත් සේවයට අනුව බංග්ලාදේශය, ඉරාකය, සෞදි අරාබිය සහ ඉන්දුනීසියාව ජේ.එෆ්-17 ප්‍රහාරක ජෙට් යානා මිලදී ගැනීම සඳහා උනන්දුවෙන් යුතුව පසුවෙයි.
ප්‍රහාරක ජෙට් යානා ගනුදෙනුවක සම්බන්ධව පසුගියදා පාකිස්තාන සහ සෞදි අරාබියේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් අතර ආරක්ෂක සහයෝගිතා සාකච්ඡාවක් ද පවත්වා ඇති අතර, එම අවි ගනුදෙනුව සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 2ක ආයෝජනයක් සිදු කිරීමට සෞදි රජයේ අවධානය යොමුවී ඇතැයි සඳහාන් වේ. එම ගිවිසුම මඟින් පාකිස්තානයේ පවතින ආර්ථික අර්බුදය පාලනය කිරීමට වැඩි ඉඩකඩක් ලැබෙනු ඇතැයි ද එරට රජයේ විශ්වාසය වී ඇතැයි ඩෝන් පුවත් සේවය සඳහන් කරයි.(දිනමිණ ඇසුරෙන්)
