Impartial news reporting for a stronger democratic society
ප්‍රසන්න රණතුංගට ඇප – රට ගමන් තහනම්

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් හිටපු ඇමති ප්‍රසන්න රණතුංග ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (12 ) නියම කෙළේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබිණි.

ඒ අනුව සැකකරුට රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීර අප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමට නියෝග කෙළේය.

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයෙකු වන ප්‍රසන්න රණතුංග අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් අද (නොවැම්බර් 12 වැනිදා) පෙරවරුවේ අත්අඩංගුවට ගත්තේය.

ඒ ඊයේ (12) පෙරවරුවේ ඔහු අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි අවස්ථාවේදීය.

සංචාරක අමාත්‍යාංශය යටතේ ඇති ආයතන 04ක සේවකයින් සඳහා ලබාදුන් සෘජු වෛද්‍ය රක්ෂණයට නීත්‍යනුකූල නොවන ලෙස පෞද්ගලික තැරැව්කාර සමාගමක් පත් කර ඒ හරහා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට රුපියල් 4,750,828.72ක මුදලක් පාඩු කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාට එරෙහිව චෝදනා එල්ලවී ඇත.

සිද්ධිය කුමක් ද?

2021 වර්ෂයේදී සංචාරක අමාත්‍යංශය යටතේ ඇති ආයතන වන ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය, ශ්‍රී ලංකා හෝටල් කළමනාකරණ ආයතනය සහ ශ්‍රී ලංකා සම්මුති කාර්යංශය යන ආයතන හතරේ සේවකයින් සඳහා සෘජු වෛද්‍ය රක්ෂණයන් රාජ්‍ය සංස්ථාවක් වන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් කොමිස් මුදලක් ගෙවීමකින් තොරව සෘජුවම ගැනීමට හැකියාව තිබී ඇත.

එහෙත් මයි ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් නැමති තැරැව්කාර සමාගම ඒ සඳහා මැදිහත් කර ගනිමින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින් නොගෙවිය යුතු රුපියල් 4,750,828.72ක මුදලක් (රුපියල් හතළිස් හත් ලක්ෂ පනස් දහස් අටිසිය විසි අටයි ශත හැත්තෑ දෙකක) මුදලක් අදාළ තැරැව්කාර සමාගම වෙත ගෙවීමට සලස්වා තිබේ.

බී.බී. සී. ඇසුරෙන්

Follow by Email
LinkedIn
Share
WhatsApp