
ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් බෙංගාල බොක්කෙහි ඇති වූ දිට්වා සුළි කුණාටුව ඉදිරි පැය 48ක කාලය තුළ ඉන්දියාවට තමිල්නාඩු ප්‍රාන්තයට ඇතුළුවීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය අවධාරණය කරයි.
මෙම කාලගුණ තත්ත්වය හේතුවෙන් තමිල්නාඩුව ආශ්‍රිත වරායන්වලට අවවාදාත්මක රතු නිවේදන දැනටමත් නිකුත් කැර තිබේ.
ප්‍රචණ්ඩ ස්වරූපයක් ගත් දිට්වා මේ වන විට ඉන්දියාවේ පුදුචේරි සහ දකුණු ආන්ද්‍රා ප්‍රදේශ අතර කොරොමැන්ඩල් වෙරළ තීරය දෙසට ගමන් කරමින් පවතින බව සඳහන්ය.
මේ හේතුවෙන් ඩෙල්ටා දිස්ත්‍රික්කයට මෙන්ම තමිල්නාඩුවේ කඩලුර් සහ විල්ලපුරම් දිස්ත්‍රික්කවලට රතු අනතුරු ඇඟවීමක් නිකුත් කැර ඇත.
