Impartial news reporting for a stronger democratic society
පහලවිගේ රාජාණ්ඩුවට යන එන මං නැති කළ ඉරාන විප්ලවයට වසර 47ක් සපිරේ

ඉරානය ඉස්ලාමීය ජනරජය,  සිය විප්ලවයේ 47 වැනි සංවත්සරය සමරමින් සිටි. විප්ලවයේ වැදගත්කම පරම්පරා ගණනක් ඉක්මවා ගිය එමෙන්ම විකාශනය වන ක්‍රියාවලියක් වුවද, විප්ලවය ප්‍රථමයෙන් සිදු වූයේ මන්දැයි සොයා බැලීම වැදගත්ය.  එම විප්ලවය  තවමත් ලොව පුරා සිටින බොහෝ දෙනෙකුට විප්ලවීය ආශ්වාදයක්  ගෙන දෙන බව සෑබෑවකි.

නියම විප්ලවයක් නම් මනුසත්බවේ රසය  යුග ගණනාවකට බෙදා  දිය  යුතුමය. ඒ විප්ලවය තුළින් හටගත් පුනරුදය පිළිබඳව ද දශක ගණනාවක් ඇගයීමට ලක් කළ යුතුය. කලාතුරකින් එවන් විප්ලව සිදුවේ. ඉරාන ඉස්ලාමීය ජනරජයේ මීට වසර 47 කට පෙර සිදු වූ ආධ්‍යාත්මික පුනරුදයත් මනුෂ්‍ය ලෝකයේ කලාතුරකින් සිදුවන සැබෑ මානව විප්ලවයකි.

ලෝක ඉතිහාසයේ මෙතෙක් සිදු වූ  බොහෝ විප්ලව මිනිසුන් හෙම්බත්  කෙළේය.නම ඇසූ පමණින් භීතියෙන්,  මුසපත් වන , කලකිරීමක් අති කරවන විප්ලව ලොව කොතෙකුත් සිදුව ඇත. ඉරාන විප්ලවය සිදු වූයේ මිනිස් හර පර්ධතිය තුළය. ඒ් නිසා එහි ආදර්ශය පරම්පරා ගණනාවකට සංසරණය  වේ.

 ඉරාන විප්ලව දිනය, ඉස්ලාමීය විප්ලව දිනය ලෙස ද හැඳින්වේ, ඉරානයේ ඉතිහාසයේ වැදගත් පරිච්ඡේදයක් සනිටුහන් කරයි. එය පහලවි රාජාණ්ඩුව පෙරලා දමා 1979 දී ඉස්ලාමීය ජනරජයක් පිහිටුවීම සංකේතවත් කරයි. බටහිර ගැත්තෙකු ලෙස සැලකෙන මොහොමඩ් රේසා ෂා පහ්ලවිගේ පාලනය යටතේ ආර්ථික අසමානතාවය, දේශපාලන මර්දනය සහ අත්තනෝමතික ක්‍රියා   හේතුවෙන් ඉරාන සමාජයේ විවිධ කොටස් අතර ඇති වූ අතෘප්තිය, සහ සාම්ප්‍රදායික වටිනාකම් නොසැලකිලිමත්ව සැලකීම නිසා  මෙම සාධක ජාතියේ ගමන් පථයේ දැවැන්ත වෙනසක් සඳහා වේදිකාව සකසයි

 ලෝකයේ භෞතිකවාදි බටහිර සහ පෙරදිග වශයෙන් බෙදී ප්‍රධාන පෙලේ ආගමික ව්‍යාපාරයක් ඉස්මතු නොවනු ඇතැයි කිසිවකු නොසිතූ දිනෙක ඉරානයේ ඉස්ලාමීය විප්ලවය විශිෂ්ට ලෙස සහ ශක්තිමත් ලෙස කරළියට පිවිසියේය. එය සීමා රාමු බිද දමා ගතානුගතික මතවාද යල් පැන ගොස් ඇති බව ලෝකයට පසක් කරවීය. එය ආගම සහ භෞතික ලෝකය එක්තැන් කොට නව යුගයක ආගමනය සනිටුවහන්  කෙළේයය. ඕනෑම දෙයක් සඳහා යල් පැනීමේ දිනයක් නිශ්චය කළ හැකිය. නමුත් මෙම ආධ්‍යාත්මික විප්ලවයේ ලෝක පරිමාණ ආදර්ශයන් විශේෂිතය.

කිසිදා යල් නොපැනෙන මෙම ආදර්ශයන් සෑම යුගයකම මිනිස් ස්වාභාවයට ගැලපේ. කාලෙකට මතුවන්නටත් කාලෙකට යටපත් වන්නටත් නිදහස, ආචාර ධර්ම, ආධ්‍යාත්මිකත්වය, සමාජ සාධාරණය, ස්වාධීනත්වය, ගරුත්වය, සහේතුක භාවය, හා සමානාත්මකතාවය යනාදී ලක්ෂණ තනි පරම්පරාවකට හෝ නිශ්චිත සමාජයකට සීමා වූ එකක් නොවේ.

 ඉරාන ඉස්ලාමිය විප්ලවය ශක්තිමත් මෙන්ම කාරුණික විය. සජීවී සහ ස්ථීරසාර ඉස්ලාමිය විප්ලවය සෑම විටම නම්‍යශීලීය.

 ” අපට නැඟෙනහිරත් එපා බටහිරත් එපා ” යන සටන් පාඨය ඉස්ලාම් ආගමට ප්‍රමාණවත්ය. එය ඉරානය තුළ වෙනසක් ඇති කිරීම පමණක් නොව, පීඩිත ජනතාවගේ හඬ වන ගෝලීය වෙනසක් සඳහා ද අරමුණු කැර ඇත. අධ්‍යාත්මික, ගුප්ත විද්‍යාව සහ දේවධර්මය කෙරෙහි ඉමාම් කොමේයිනි තුමාගේ භක්තිවන්ත සම්බන්ධය ඇත්තෙන්ම ඔහු විශිෂ්ට නායකයෙකු බවට පත් කෙළේය. ඔහුගේ සරල ජීවන රටාව ලොව පුරා මිලියන ගණනක්  ආකර්ෂණය කෙළේය. ඉරානයේ සියලු බලය තම අතේ තබාගෙන ඉමාම් කොමේයිනි නම් අසහාය මිනිසා සරල නිවෙසක ඉතා චාම් ජීවිතයක් ගත කෙළේය.

බලයට හා ධනයට ඔහු කිසිවිටෙකත් ඉඩ දුන්නේ නැත. මේ නිසා ඔහු මීට දශක තුනකට පෙර ඉරානයට අහිමි වුවත්,  අද දක්වාම ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවගේ ප්‍රසාදයට ලක්ව ඇත.

ලෝකය සමාජීය හා සදාචාරාත්මක පරිහානියක ගිලී ඇති අවස්ථාවක, ඉමාම් කොමේයිනි තුමා ඔවුන්ගේ සැබෑ දේවධර්ම ඉගැන්වීම් අලුත් කැර ඉතිහාසයේ වැදගත් අවස්ථාවක අධ්‍යාත්මිකත්වය ප්‍රවර්ධනය කෙළේය. ඉස්ලාමීය විප්ලවයට නායකත්වය දුන් ඉමාම් කොමේයිනි තුමා ඉරානයට පමණක් නොව සෙසු ලෝකයටම දැවැන්ත වෙනසක් ඇති කළ බලගතු ආගමික හා දේශපාලන චරිතයක් බව අද ලෝකය දනී.

පිළිගත් ඉමාම්ගේ ප්‍රතිපත්ති සහ ක්‍රියා අදටත් ලොව පුරා සහ මුස්ලිම් රටවල පීඩිත ජනතාව අතර දැනුවත්භාවය සහ ආශ්වාදයක් ඇති කරයි. මුස්ලිම් රටවල් සහ පීඩිත ජනතාව සූරාකන යටත් විජිත බලවතුන්ගේ ආක්‍රමණශීලී ප්‍රතිපත්තිවලට ඉමාම්වරු දැඩි ලෙස විරුද්ධ වූහ.

අමෙරිකාව අපේ ආරක්‍ෂාව යැයි අරාබි පාලකයන්   අමෙරිකාවට දණින් වැටී සිටින මොහොතක, අපව ආරක්‍ෂා කිරීමට ඉස්ලාමයට පමණක් හැකි බව ඒත්තු ගැන්වූ යුග පුරුෂ ඉමාම් කොමේයිනි තුමා එය ක්‍රියාවට නංවා එක්සත් කෙළේය. ලෝකයේ මුස්ලිම්වරුන්ට ගෞරවය ඉරාකයට සහ ප්‍රංශයට පිටුවහල් කරනු ලැබුවද, ඉමාම් කොමේයිනි, පහ්ලවි පාලනයට එරෙහි කැරැල්ලට නායකත්වය දෙමින් ජයග්‍රහණය කළේය.

ඔහුගේ විශිෂ්ඨ නායකත්වය යටතේ මතුවී තම ජයග්‍රාහී ඉලක්කය සපුරාගත් ඉස්ලාමීය විප්ලවය, ලෝකයේ පීඩිත ජාතීන් යටත් විජිත බලවතුන්ගේ ග්‍රහණයෙන් මුදා ගැනීමේ හොඳම උදාහරණයකි .

ඉමාම්ගේ විචක්ෂණ නායකත්වය යටතේ එය සම්පූර්ණවම සාර්ථක විය. ඉස්ලාමීය විප්ලවය 20 වැනි සියවසේ පෙර නොවූ විරූ වෙනසක් ඇති කෙළේය. මෙම විප්ලවය ලෝක ආර්ථිකය, දේශපාලනය, සංස්කෘතිය සහ කලාපීය ආධිපත්‍යය කෙරෙහි විශාල බලපෑමක් ඇති කෙළේය.

ඉමාම් කොමේයිනි  තුමාගේ, ජීවන අරමුණු සහ ලෝක දේශපාලනය හා සම්බන්ධ අදහස් තවමත් ලොව පුරා නිධානයක් ලෙස පවතින අතර විමුක්ති ව්‍යාපාර අදත් ප්‍රතිපත්තිමය වශයෙන් ඒවා මත ක්‍රියා කරයි. බොහෝ විද්වතුන් විශ්වාස කරන්නේ පලස්තීනය, බහරේනය, ඊජිප්තුව සහ තවත් බොහෝ රටවල් ඉමාම් කොමේයිනි තුමාගේ ආදර්ශය අනුගමනය කරමින් තම අරගල සිදු කරන බවයි.

පලස්තීනය වෙනුවෙන් ද  පෙනී සිටිමින් පලස්තීනයේ විමුක්තිය උදෙසා කුද්ස් දිනය නිර්මාණය කරමින් කියා සිටියේ බෛයිතුල් මුකද්දසය වෙනුවෙන් සෑම මුස්ලිම්වරයකුගේම හැඟීම් අවදි විය යුතු බවයි.

ඉමාම් කොමෛනි වනාහී යුගයේ අවශ්‍යතාවයන් වෙනුවෙන් පහල වූ ශුද්ධ වූ ආත්මයකි.ලෞකික සහ ලෝකෝත්තර යන ද්විත්ව ජීවිතයන් ම හරවත්ව ගතකළ එතුමාගේ චරිතප්‍රදානයෙන් මනුෂ්‍යයයන් වශයෙන් උකහා ගත යුතු පාඩම් එමටයි. විප්ලවයකින් ආරම්භ කැර අවසන ලොව වසන සියලු ආත්මයන්ගේ හදවත් තුළ චින්තනීය විප්ලවයක් ඇති කළ අපේ කාලයේ අසහාය මාර්ගෝපදේශක ඉමාම් කොමේනි අමරණීය වන්නේ එබැවිනි.

සටහන  – Zamaa Shifani

Follow by Email
LinkedIn
Share
WhatsApp