Impartial news reporting for a stronger democratic society
පන්ජාබ් ප්‍රාන්තයේ නීති­වි­රෝධී ඝාතන 924ක්! –පාකි­ස්තාන මානව හිමි­කම් කොමි­සම කියයි

පකි­ස්තා­නයේ පන්ජාබ් ප්‍රාන්තයේ අප­රාධ විම­ර්ශන දෙපා­ර්ත­මේ­න්තුව විසින් සිදු කරනු ලැබූ බව කියන නීති­වි­රෝධී මනුෂ්‍ය ඝාතන 924ක් සම්බ­න්ධ­යෙන් තොර­තුරු වාර්තා වී ඇතැයි එරට මානව හිමි­කම් කොමි­සම ප්‍රකාශ කර තිබේ.

 එම නීති­වි­රෝධී මනුෂ්‍ය ඝාතන හේතු­වෙන් ප්‍රාන්තයේ ව්‍යව­ස්ථා­පිත ආර­ක්ෂක රෙගු­ලාසි බර­ප­තළ ලෙස උල්ලං­ඝ­නය වූ බව පකි­ස්තාන මානව හිමි­කම් කොමි­සම නිකුත් කළ වාර්තා­වක සඳ­හන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 මාධ්‍ය වාර්තා සහ නඩු සම්බන්ධ තොර­තුරු මත පද­නම්වූ එම වාර්තා­වට අනුව පසු­ගිය වසරේ ජන­වාරි මාසයේ සිට අගෝස්තු දක්වා කාල­සී­මාව ඇතු­ළත පන්ජාබ් පොලී­සිය හා ආර­ක්ෂක අංශ ඒකා­බ­ද්ධව මෙහෙ­යුම් 670ක් සිදු කර ඇතැයි ද, එහිදී සැක­ක­රු­වන් 924 දෙනකු සහ පොලිස් නිල­ධා­රින් දෙදෙ­නකු මිය­ගිය බවට තොර­තුරු ලැබී ඇත.

එම ඝාතන අහඹු සිදු­වීම් හෝ හුදෙ­කලා සිදු­වීම් නොව සංවි­ධා­නා­ත්මක ලෙස සිදුවූ බවට පාකි­ස්තාන මානව හිමි­කම් කොමි­සම පන්ජාබ් ප්‍රාන්තයේ අප­රාධ විම­ර්ශන දෙපා­ර්ත­මේ­න්තු­වට චෝදනා කර ඇතැයි ද වාර්තා වේ. ඝාත­න­යට ලක්වූ බොහෝ සැක­ක­රු­වන්ගේ මරණ සම්බ­න්ධව මහේ­ස්ත්‍රාත් පරී­ක්ෂණ සිදු නොවූ බවට ද තොර­තුරු ලැබී ඇතැයි පාකි­ස්තාන මානව හිමි­කම් කොමි­ෂන් වාර්තා­වෙන් අනා­ව­ර­ණය වූ බව විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.( දිනමිණ ඇසුරෙන්)

Follow by Email
LinkedIn
Share
WhatsApp