Impartial news reporting for a stronger democratic society
පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර ෂියා මුස්ලිම් පල්ලියක් ළඟ    මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමක්! 35ක් මරුට –170කට වැඩි පිරිසකට බරපතළ තුවාල

පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර පිහිටි ෂියා මුස්ලිම් පල්ලියක සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 35ක්මිය ගොස් 170කට වැඩි පිරිසක්තුවාල ලබා ඇති බව ඉස්ලාමාබාද් නුවර නියෝජ්‍ය කොමසාරිස්වරයා  පවසයි.

සිකුරාදා (06) දහවල් යාඥාව අතරතුර මෙම පිපිරීම සිදු ව ඇති අතර  පල්ලිය  ද දෙදරුම් කා ඇති බව අනාවරණය වෙයි.

පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව ඉහළ ගොස්  ඇති අතර , අහිමි වු මුළු ජීවිත  සංඛ්‍යාව 35ක් බවත් බරපතළ තුවාල  ලබා   රෝහල් වෙත ගෙන ගිය සංඛ්‍යාව 170කට වඩා වැඩි බව ඉස්ලාමාබාද් නියෝජ්‍ය කොමසාරිස් ඉර්ෆාන් මේමන් Cyber World Press වෙත  පවසා තිබේ.

නිර්නාමිකව රොයිටර් පුවත් සේවයට කතා කළ පොලිස් නිලධාරීන් දෙදෙනකු පවසා ඇත්තේ, බෝම්බය පුපුරුවා හැරීමට පෙර ප්‍රහාරකයා පල්ලියේ ගේට්ටුව අසල නතර කළ බවයි.

ලේ තැවරුණු ඇඳුම් සහ දෘශ්‍යමාන තුවාල සහිතව ප්‍රධාන රෝහලකට පැමිණෙන දුසිම් ගණනක් ජනතාව AFP සහ Cyber World Press මාධ්‍යවේදීන් විසින් දැක ඇත.

රූපවාහිනී දර්ශන සහ සමාජ මාධ්‍ය රූපවලින් නිරන්තරයෙන්  විකාශනය වී ඇත්තේ පොලිසිය සහ නිවැසියන් තුවාලකරුවන් රෝහල් වෙත ප්‍රවාහනය කරන ආකාරයයි.

පකිස්තාන ජනාධිපති අසිෆ් අලි සර්දාරි සහ අගමැති ෂෙබාස් ෂරීෆ් වෙන වෙනම  ප්‍රකාශ කරමින්  මෙම ප්‍රහාරය හෙළා දැක ඇති  අතර මියගිය අයගේ පවුල්වලට ශෝකය පළ කළහ.

අහිංසක සිවිල් වැසියන් ඉලක්ක කර ගැනීම මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක්,” බව සර්දාරි පවසා තිබේ.එසේම මෙම දුෂ්කර අවස්ථාවේදී  මුළු ජාතියම පීඩාවට පත් පවුල් සමඟ සිටීන බව ” ඔහු  ප්‍රකාශ කැර ඇත.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුවෙමින් පවතින බව ඉස්ලාම්බාත් පොලිසියේ ඉහළ නිලධාරියෙක් Cyber World Press වෙත ප්‍රකාශ කැර තිබේ.

ප්‍රහාරයේ වගකීම කිසිදු කණ්ඩායමක් මේ වන විටත් භාරගෙන නොමැති අතර ,පසුගිය වසර කිහිපය තුළ පාකිස්ථානය තුළ  ඉහළ යන සටන්කාමී කෑරළිවලට ගොදුරු වු සංඛ්‍යාව ද ඉහළ ගොස් තිබේ. එසේම,දැඩි ලෙස ආරක්ෂා කරන ඉස්ලාමාබාද්  අගනුවර මෙවැනි බෝම්බ ප්‍රහාර  ඇති  වීම පිළිබඳ බොහෝ දෙනකු  මවිතයට පවත්ව ඇත. මිලියන 241ක ජනගහනයක් සිටින, ප්‍රධාන වශයෙන් සුන්නි මුස්ලිම් ජාතියේ සුළුතරයක් වන ෂියා මුස්ලිම්වරුන් අතීතයේ දී නිකායික ප්‍රචණ්ඩත්වයේ ඉලක්ක වී ඇති බව ද  සඳහාන් වෙයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp