
පකිස්තාන ආරක්ෂක හමුදා මුරපොළකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් සෙබළු 11 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි Cyber World Press පුවත් සේවය අනාවරණය කරයි.
එම ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඇෆ්ගනිස්තාන දේශසීමාව ආසන්නයේ පිහිටි කයිබර් පක්ටුන්ක්වා ප්‍රාන්තයේදී බව සඳහාන් වේ. පුපුරන ද්‍රව්‍ය පුරවන ලද මෝටර් රථයක් ආරක්ෂක මුරපොළ වෙත ධාවනය කිරීමට සැලැස්වීමෙන් ප්‍රහාරය සිදු කැර තිබේ. ප්‍රහාරයෙන් ආරක්ෂක මුරපොළට දැඩි හානි සිදුවී ඇතැයි ද, පාකිස්තාන හමුදාව එල්ල කළ ප්රතිප්රහාරවලින් ත්රස්තවාදීන් 12 දෙනකු මියගොස් ඇතැයි ද සඳහාන් වේ. Cyber World Press පුවත් සේවය සඳහන් කරන්නේ ඇෆ්ගනිස්තාන දේශසීමාව කේන්ද්‍ර කරමින් පොලීසියට සහ හමුදාවට එල්ල වන ත්‍රස්ත ප්‍රහාර සැලකිය යුතු අයුරින් ඉහළ ගොස් ඇති බවය.
ප්‍රහාරය එල්ල කැර ඇත්තේ ඇෆ්ගනිස්තානයේ රැකවරණය ලබන ටෙහ්රීකි තලේබාන් පාකිස්තාන සංවිධානය බවට හඳුනාගෙන ඇතැයි පාකිස්තාන රජය ප්‍රකාශ කර ඇත. සිය භූමිය වෙනත් රටවලට එරෙහිව භාවිත කිරීමට ඉඩ නොදෙන බව කියමින් ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කැර තිබේ.
