Impartial news reporting for a stronger democratic society
නොබෙල් සාම ත්‍යාගය නොලැබුණ නිසා  ට්‍රම්ප් නාහෙන් අඩමින් නෝර්වේ රජයට දොස් කියයි

රට­වල් අතර පැතිරී ගිය යුද්ධ 8ක් නැවැ­ත්වී­මට  මැදිහත් වුවද නොබෙල් සාම ත්‍යාගය තමාට ලබා නොදීම නිසා සාමය ගැන සිතී­මට බැඳී නොසි­ටින බවත්, මින් ඉදි­රි­යට අමෙ­රි­කාවේ යහ­පත වෙනු­වෙන් පම­ණක් කැප­වෙන බවත් ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කැර තිබේ.

නෝර්වේ අග­මැති ජොනාස් ගාර් ස්ටෝර් වෙත පණි­වි­ඩ­යක් යව­මින් අමෙ­රි­කානු ජනා­ධි­ප­ති­ව­රයා මේ බව සඳ­හන් කැර ඇති බව අනාවරණය වෙයි.

නොබෙල් සාම ත්‍යාගය ලබා නොදීම ගැන නොබෙල්  කමිටුවට  දොස් පවරා  තිබේ.

අමෙ­රි­කානු ජනා­ධි­ප­ති­ව­රයා සහ නෝර්වේ අග­මැ­ති­ව­රයා අතර පසු­ගි­යදා සිදු වු  කෙටි පණි­වුඩ හුව­මා­රු­වේදී ග්‍රීන්ල­න්තය අත්පත් කර ­ගැ­නී­මට අමෙ­රි­කා­වට ඇති අව­ශ්‍ය­තාව සහ නොබෙල් සාම ත්‍යාගය පිළි­බඳ සාක­ච්ඡා­වට ලක්වී ඇති අතර, තොර­තුරු දැන­ගැ­නීමේ පනත යටතේ නෝර්වේ රජය එම පණි­වුඩ හුව­මා­රුව ප්‍රසි­ද්ධි­යට පත් කැර තිබේ.

ග්‍රීන්ල­න්තය අත්පත් කර­ගත යුතු බව එහිදී ඩොනල්ඩ් ට්‍රම්ප් තර­යේම ප්‍රකාශ කැර ඇති අතර, රුසි­යා­වෙන් සහ චීන­යෙන් ග්‍රීන්ල­න්තය ආරක්ෂා කැර ­ගැ­නී­මට ඩෙන්මා­ර්ක­යට හැකි­යා­වක් නැති බවත් ඔහු සඳ­හන් කැර තිබේ. ඩෙන්මාර්ක රජ­යට ග්‍රීන්ල­න්තය සම්බ­න්ධව ඇති අයි­තිය ද ඔහු නෝර්වේ අග­මැ­ති­ව­ර­යා­ගෙන් විමසා ඇති බවත්, එවැනි අයි­ති­යක් සම්බ­න්ධ­යෙන් නීත්‍යනු­කුල ලියැ­වි­ල්ලක් ඩෙන්මා­ර්ක­යට නොමැති බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩි­දු­ර­ටත් සඳ­හන් කැර ඇත.

මෙයට වසර සිය ගණ­න­කට පෙර ඩෙන්මාර්ක වැසි­යන් මෙන්ම අමෙ­රි­කානු වැසි­යන් ද ග්‍රීන්ල­න්ත­යට සේන්දු වූ බව ප්‍රකාශ කැර ඇති ඩොනල්ඩ් ට්‍රම්ප්, ග්‍රීන්ල­න්තයේ සම්පූර්ණ පාල­නය අමෙ­රි­කා­වට නොලැ­බෙන්නේ නම් ලෝකය ආර­ක්ෂා­කාරී නොවනු ඇතැයි ද අන­තුරු අඟවා තිබේ. නේටෝ සංවි­ධා­නය සිය තීර­ණ­යට එරෙ­හි­වීම පිළි­බඳ අද­හස් දක්ව­මින් අමෙ­රි­කානු ජනා­ධි­ප­ති­ව­රයා සඳ­හන් කර ඇත්තේ ‘’නේටෝ සංවි­ධා­නය බිහි­වී­මෙන් පසු මේ දක්වා අන් කිසිදු පුද්ග­ල­ය­කුට වඩා වැඩි දෙයක්  මා වි­සින් ඉටු කර තිබෙ­නවා. නේටෝ සංවි­ධා­න­යත් දැන් අමෙ­රි­කාව වෙනු­වෙන් යමක් ඉටු කළ යුතුයි.” යනු­වෙන් පවසා තිබේ.( දිනමිණ ඇසුරෙන්)

Follow by Email
LinkedIn
Share
WhatsApp