Impartial news reporting for a stronger democratic society
නේපා­ලයේ මගී බස් රථ­යක් ප්‍රපා­ත­යට පෙරළී 19ක් මරුට

නේපා­ලයේ කඳු­කර මාර්ග­ය­කදී මගී බස් රථ­යක් අඩි 655ක් පහ­ළින් ගඟ­කට වැටි­මෙන් එහි ගම­න්ගත් මගීන් 19 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහාන් කරයි.

මිය­ගිය අය අතර බ්‍රිතාන්‍ය ජාති­ක­යකු ද සිටින බව එරට මාධ්‍ය සඳ­හන් කැර තිබේ.

නේපා­ලයේ සංචා­රක පුර­යක් වන පොකාරා නග­රයේ සිට කත්මණ්ඩු අග­නු­වර බලා ධාව­නය වූ එම බස් රථය ඊයේ(23) අලු­යම අන­තු­රට ලක්වන විට එහි මගීන් 44 දෙනකු සිටි  ඇති බව Cyber World Press  වාර්තාකරු සඳහාන් කරයි.

තුවාල ලැබූ සෙසු මඟින් රෝහ­ල්ගත කිරී­මට ආපදා මෙහෙ­යුම් කණ්ඩා­යම් පිය­වර ගෙන ඇති අතර, චීන ජාති­ක­යකු සහ නව­සී­ලන්ත ජාති­ක­යකු ද තුවාල ලැබූ පිරිස අතර සිටි. රියැ­දු­රුගේ පාල­න­යෙන් ගිලි­හී­මෙන් බස් රථය අන­තු­රට ලක්වී ඇති බවත්, අන­තුර සම්බ­න්ධ­යෙන් පරි­ක්ෂණ කට­යුතු ආරම්භ කැර ඇති බවත් නේපාල රජය නිවේ­ද­නය කැර තිබේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp