
අකුරේගොඩ දී නීතිඥ යුවළක් ඝාතනට කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 4 දෙනකු මේ වනවිට හඳුනා ගෙන ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නි. පොලිස්පති සජීව මැදවත්ත මහතා පවසයි.
එම සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කරයි.
අකුරේගොඩ සුපිරි වෙළෙඳසලක වාහන අංගනයේදී මෝටර් රථයක සිටි නීතිඥ යුවලකට තවත් මෝටර් රථයකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේ පසුගිය 13 වැනිදා පස්වරුවේය.

මෙම යුවළ වෙඩි තබා ඝාතනය කිරීමට යොදාගත් යැයි සැකකරන මෝටර් රථයක් අද (15) අලුයම 01 ට පමණ බද්දේගම අගලිය ප්‍රදේශයේදී ගිනි තබා ඇති බව සඳහන් වෙයි.
මේ සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ බද්දේගම පොලිසිය පවත්වයි.
