Impartial news reporting for a stronger democratic society
නීතිඥවරයා සහ ඔහුගේ බිරිය ඝාතනය කිරීම: ඝාතකයන් මෝටර් රථයට ගිනි තබා පළා ගිහින්

 

තලංගම අකුරේගොඩ දී නීතිඥවරයා සහ ඔහුගේ බිරිය ඝාතනය කිරීමට වෙඩික්කරුවන් පැමිණි බවට සැකකරන මෝටර් රථය ගාල්ල අගලිය මුල්කඩ පාලම ආසන්නයේ කුට්ටියාවත්ත අතුරු මාර්ගයේ ගිනි ගනිමින්  තිබියදී  විශේෂ පොලිස් කණ්ඩායමක් ඊයේ(14) රාත්‍රී සොයා ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
ඝාතනය ට ලක් වූ නීතීඥ බුද්ධික මල්ලවාරච්චි සහ ඔහුගේ බිරිය ඩඩ්ලිව්. ඒ. නිසංසලා අකුරේගොඩ සුපිරි වෙළෙඳ සලක් ඉදිරිපිටදී ඊයේ (14) ටි 56 ගිනි අවියකින් සහ පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කැර තිබිණි.
ඝාතකයන් පැමිණී මෝටර් රථය ගාල්ල අගලිය ප්‍රදේශයේ දමා ගොස් ඇති බවට ලද තොරතුරක් අනුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට යන විටත් එය ගිනිගෙන දැවීමෙන් තිබූ බව පොලිසිය කියයි.
විදේශ ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු  මෙම ඝාතනය මෙහෙයවන්නට ඇතැයි පොලිසිය සැක කරයි. නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පරීක්ෂණ පවත්වයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp