
නීතිඥවරයෙක් සහ ඔහුගේ බිරිය අකුරේගොඩ ප්‍රදේශයේදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන වෙඩික්කරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම වෙඩික්කරුවකු වෙඩි ප්‍රහාරයට පෙර පන්නිපිටියේ නවාතැන්පොළකට රැගෙන ආ පුද්ගලයෙකු තායිලන්තයට පළාගොස් තිබේ.
කහදූව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඔහු මෙම ඝාතනය මෙහෙය වූ බව කියන කරන්දෙණියේ සුද්දා නම් අපරාධකරුගේ සමීපතමෙයකු බව පොලීසිය සඳහන් කරයි.
ඒ අනුව වෙඩික්කරු ප්‍රවාහනය කළ මෝටර් රථය හා රටින් පලාගිය පුද්ගලයා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට යෑම සඳහා කුලී පදනම මත ලබාගත් මෝටර් රථය අද (21) පස්වරුවේ අපරාධ විමර්ශන කොට්ඨාසය භාරයට ගෙන ඇත.
