Impartial news reporting for a stronger democratic society
නාඳු­නන තුව­ක්කු­ක­රු­වකු බංග්ලා­දේ­ශ සිසු අර­ගලයේ තවත් නාය­ක­ය­කුට වෙඩි තබයි

බංග්ලා­දේ­ශ ශිෂ්‍ය විරෝ­ධ­තා­වට පසු­ගිය වසරේ නාය­ක­ත්වය දුන් බව කියන තවත් ශිෂ්‍යයකු නාඳු­නන තුව­ක්කු­ක­රු­වකුගේ වෙඩි පහ­ර­කට ලක්වී ඇතැයි එරට ඩේලි ස්ටාර් පුවත් සේවය සඳහාන් කරයි.

 42 හැවි­රිදි මොහො­මඩ් මොටා­ලිබ් සික්දර් නමැති මේ සිසු අර­ගල නාය­කයා වෙඩි ප්‍රහා­ර­යට ගොදුරු වී ඇත්තේ ඔහු නවා­තැන්ගෙන සිටි නිවෙස අස­ලදී බවත්, වෙඩි පහ­රින් ඔහුගේ හිසට තුවාල සිදුවී ඇති බවත් ඩේලි ස්ටාර් පුවත් සේවය වැඩි­දු­ර­ටත් සඳහාන් කෙළේය.

බංග්ලා­දේ­ශයේ අර­ග­ල­යෙන් පසු තරුණ කණ්ඩා­යම්  එක්ව පිහි­ටුවා ගත් ජාතික පුර­වැසි පක්ෂයේ නාය­ක­යකු  වන මොහො­මඩ් මොටා­ලිබ්ගේ තත්ත්වය බර­ප­තළ නොවන බව රෝහල් ආරංචිමාර්ග තහ­වුරු කැර තිබේ.

මීට දින කිහි­ප­ය­කට පෙර මැති­ව­ර­ණ ප්‍රචා­රක රැලි­යක් අත­ර­තුර නාඳු­නන තුව­ක්කු­ක­රු­ව­කුගේ වෙඩි ප්‍රහා­ර­ය­කින් එරට ශිෂ්‍ය අර­ග­ලයේ නාය­ක­යකු වන 32 හැවි­රිදි ෂරිෆ් ඔස්මාන් හාදි ජීවි­ත­ක්ෂ­යට පත්වූ අතර, ඔහුගේ ඝාත­නය සම්බ­න්ධව යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා දහස් සංඛ්‍යාත තරුණ තරු­ණි­යන් වීදි බැස සිදු කළ විරෝ­ධතා අත­ර­තු­රදී ප්‍රමු­ඛ­තම මාධ්‍ය ආය­ත­න­ය­කට ද ප්‍රහාර එල්ල වූ බව සඳහාන් වේ.

ෂරිෆ් ඔස්මාන් හාදිගේ අවසන් කටයුතු පැවැති දිනයේ විශාල ඩනතාවක් ඩකා නුවරට පැමිණි බව සඳහාන් වෙයි.(Source- Dinamina )

Follow by Email
LinkedIn
Share
WhatsApp