Impartial news reporting for a stronger democratic society
න්‍යෂ්ටික අවි ගැන කතා කරන්න පෙර සම්බාධක ඉවත් කරන්න — ඉරා­නයේ නියෝජ්‍ය විදේශ ඇමැති කියයි

තම රටට එරෙහිව  පනවා ඇති සම්බාධක ඉවත් කරන්නේ නම් පමණක් න්‍යෂ්ටික අවි පිළිබඳ  සාකච්ඡාවකට අමෙ­රි­කාව සමඟ  එළැ­ඹීම ගැන  සලකා බැලීය හැකි බව ඉරා­නයේ නියෝජ්‍ය විදේශ ඇමැති මජීඩ් ටක්ට් රාවන්චි ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහාන් කරයි.

ඉරාන නියෝජ්‍ය විදේශ ඇමැ­ති­ව­රයා මේ ප්‍රකා­ශය සිදු කැර අමෙ­රි­කාවේ ජනාධිපි ඩොනල් ට්‍රම්ප් සහ  අමෙ­රි­කානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සිදු කළ ප්‍රකා­ශ­යට ප්‍රති­චාර දක්ව­මින් බව ද  අනාවරණය වේ.

අමෙ­රි­කානු – ඉරාන න්‍යෂ්ටික වැඩ­ස­ට­හන් සාකච්ඡා අඛ­ණ්ඩව සිදු කිරී­මට දෙරට අතර එක­ඟ­තාව පළවු­වද, එම සාකච්ඡා මෙතෙක් සාර්ථක නොවීම සම්බ­න්ධව අමෙ­රි­කානු ජනා­ධි­ප­ති­ව­රයා දැඩි අප්‍ර­සා­දය පළ කැර ඇති බවත්, එවැනි ගිවි­සු­ම­කට එක්වී­මට ඉරා­නය එකඟ නොවන්නේ නම් හමුදා බලය යොද­වන බවට අන­තුරු අඟවා ති‍බේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp