Impartial news reporting for a stronger democratic society
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාක් සම්පාදනය වෙද්දී දෙමළ ජාතික ප්‍රශ්නයට විසඳුම් යෝජනා කෙටුම් පත් කරන්න විද්වත් කමිටුවක්

ශ්‍රී ලංකාවට නව  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාක් සම්පාදනය කිරීමේදී, දෙමළ ජාතික ප්‍රශ්නය විසදීම වෙනුවෙන්  පුළුල් දේශපාලන විසදුමක්  කෙටුම්පත් කිරීම සඳහා උතුරු නැඟෙනහිර දෙමළ පක්ෂ විද්වත් කමිටුවක් පත් කැර තිබේ.
යුද්දයෙන් පසු පළමු වතාවට එවන්  කමිටුවක් 2026 අප්‍රේල් 9 වැනි පත් කැර ගෙන ඇත.  

දෙවැනි වතාවට රැස් වු මෙම කම්ටුව, කොළඹ දෙමළ නීතිඥ සංසදයේ සම්බන්ධීකරණයෙන් සිදුව ඇත.  

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම  සම්බන්ධයෙන් උතුරු – නැඟෙනහිර දෙපළාතේ  දෙමළ ජාතික පක්ෂ අතර එකඟතාවයක් ඇති කර ගැනීම වෙනුවෙන්  මෙම සාකච්ඡාව පවත්වා ඇත.

දෙමළ නීතිඥ සංසදය නිවේදනය කැර ඇත්තේ,එම සාකච්ඡාව දෙමළ ජාතිකවාදී දේශපාලන පක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ඔවුන් නියෝජනය කරන පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන්  පැවැති බවයි. ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ දේශපාලන විසඳුම සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අංග පිළිබඳව සිය සංසදයේ සම්බන්ධීකරණයෙන් සාකච්ඡාවට ලක් වුබව පවසයි.එහිදි දෙමළ ජනතාවගේ දේශපාලන විසඳුම සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අංග පිළිබඳව පක්ෂ අතර ඒකමතික එකඟතාවයකට පැමිණි බවසඳහාන් කරයි.

එම මූලික අංග පොදු අරමුණක් ලෙස ගනිමින්, දෙමළ ජනතාවගේ ජනවාර්ගික ගැටලුව විසඳීම සඳහා පුළුල් විසඳුම් සැලැස්මක් සකස් කිරීමට එකඟ වී ඇත. ඒ සඳහා විශේෂ කෙටුම්පත් කමිටුවක් පත් කැර ඇත. ඒ සඳහා උතුරු – නැඟෙනහිර දෙපළාතේ දෙමළ ජාතික පක්ෂ නියෝජනය වන අන්දමින් විශේෂඥ කමිටුවක්  පත් කැර  ඇති බව දෙමළ නීතිඥ සංසදය පවසයි.
දෙමළ නීතිඥ සංසදය වැඩි දුරටත් නිවේදනය කැර ඇත්තේ, එම කටයුත්ත ට මුල පිරීමේ සම්බන්ධිකාරකවරුන් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් වන රනිතා ඥාණරාජා සහ මරියදාස් ජුඩ් දිනේෂ්  මහත්වරුන් කටයුතු කරන බවයි.
විශේෂඥ කමිටුවට ජනාධිපති නීතිඥ ආචාර්ය කේ. කනක ඊශ්වරන්, මහාචාර්ය එම්. සෝර්නරාජා, මහාචාර්ය එන්. සෙල්ව කුමාරන් , මහාචාර්ය වී. ටී තමිල්මාරන්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එන්. සිවකුමාර්, ආචාර්ය කුමරවඩිවේල්  ගුරුබරන් යන අය ඇතුළත් වේ.
තවද, මෙම සමුළුවට සහභාගී වන සෑම දෙමළ ජාතික දේශපාලන පක්ෂයක්ම මෙම විශේෂඥ කමිටුවට තම පක්ෂය නියෝජනය කරමින් එක් සාමාජිකයකු බැගින් පත් කිරීමටත් එකඟ වී ඇත.
විවිධ දේශපාලන පක්ෂ සහ සංවිධාන මීට පෙර දෙමළ ජනතාවගේ ජනවාර්ගික ගැටලුව සඳහා විසඳුම් සහ යෝජනා ඉදිරිපත් කැර ඇතත්, සියලු දෙමළ ජාතික පක්ෂවලට පිළිගත හැකි ඒකාබද්ධ රාමුවක් නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය බවට මෙම සාකච්ඡාවේදී එකග වී තිබේ.
දෙමළ නීතිඥ සංසදය නිවේදනය කැර ඇත්තේ එම තත්ත්වය තුළ  ශ්‍රී ලංකා රජය අනාගතයේදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වන්නේ නම්, මෙම ඒකාබද්ධ මූලික රාමුව දෙමළ ජනතාව නියෝජනය කරන දෙමළ ජාතික පක්ෂවල ඒකාබද්ධ ස්ථාවරය ලෙස ඉදිරිපත් කරන බවට ද මෙම සමුළුවේදී ඒකමතිකව තීරණය කළ බවයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් උතුරු– නැඟෙනහිර දෙපළාතේ  දෙමළ ජාතික පක්ෂ අතර එකඟතාවයක් ඇති කැර ගැනීම වෙනුවෙන් දෙමළ නීතිඥ සංසදයේ සම්බන්ධීකරණය යටතේ පැවැති පළමු සාකච්ඡාව කොළඹ දී සිදු කර තිබුණේ 2026 මාර්තු 2 වැනිදා බව සඳහාන්ය.

Follow by Email
LinkedIn
Share
WhatsApp