
නවසීලන්තයට මේ දිනවල ඇඳහැලෙන අධික වරුෂාපතනය නිසා මවුන්ට් මවුන්ගනි ප්‍රදේශයේ කඳවුරු භූමියකක් නායයෑමට ලක්ව තිබේ.
මෙම නායයෑමෙන් දරුවෙක් ඇතුළු කිහිපදෙනෙක් අතුරුදන් වී ඇති අතර එම පිරිස සොයා මේ වන විටත් මෙහෙයුම් දියත් කැර ඇත.
එම ප්‍රදේශයේ පවතින අධික වැසි සහිත කාලගුණයත්, අධික සුළං තත්ත්වයත් හේතුවෙන් විදුලිය පවා විසන්ධි වී ඇති බව සඳහාන්ය.
නායයෑමට ලක් වු ප්‍රදේශය සංචාරක ප්‍රදේශයක් ද වෙයි.

