– විදෙස්ගත ‘චූවා සමන්ත’ ඝාතනය මෙහෙයවලා

දෙහිවල, වනරතන පාරේ ක්වාටස් ක්‍රීඩාපිටිය අසලදී පසුගිය 6 වැනි දා පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කැර තවත් පුද්ගලයකුට බරපතළ තුවාල කිරීමේ සිද්ධියේ වෙඩික්කරු, වෙඩි තැබීමට භාවිත කළ ගිනි අවිය සමඟ පසුගිය දා (17) අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුබෝවිල, වනරතන පාරේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයකු බව පොලීසිය කියයි.
සැකකරු ඉකුත් 06 වැනි දා දෙහිවල, වනරතන පාරේ ක්වාටස් ක්‍රීඩාංගණය අසලදී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කැර තවත් පුද්ගලයකුට බරපතළ තුවාල සිදු කර පළා ගොස් තිබුණි.
මේ සම්බන්ධයෙන් දෙහිවල පොලීසිය පරීක්ෂණ පවත්වන අතරතුරදී බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ වැඩ බලන අධ්යක්ෂ ජානක කුමාර මහතාගේ උපදෙස් මත එම කොට්ඨාසය මඟින් තවත් විමර්ශනයක් ආරම්භ කර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස පො.සැ (70471) තෙන්නකෝන් නිලධාරියාට ලද තොරතුරකට අනුව බොරලැස්ගමුව, පිල්ලෑව පන්සලේ කාලි කෝවිල අසල රැඳී සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමේදී ඝාතනයේ වෙඩික්කරු ලෙස තොරතුරු අනාවරණය වූ බව පැවසේ. අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී ඝාතනයට යොදාගත් මෙරට නිෂ්පාදිත බෝර 16 වර්ගයේ ගිනි අවිය හා උණ්ඩ කොපු 04 බෙල්ලන්විල උද්‍යානය අසල වළ දමා තිබියදී සොයා ගත් බව පොලීසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් තවදුරටත් කළ ප්‍රශ්න කිරීමේදී මේ ඝාතනය සංවිධානාත්මක අපරාධකරුවකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දැනට විදේශගතව සැඟව සිටින අධිකාරිගේ සමන්ත පෙරේරා නොහොත් ‘චූවා සමන්ත’ නමැත්තාගේ මෙහෙයවීම මත සිදුකළ බවට තොරතුරු අනාවරණය වී තිබේ.
ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරු හා ගිනි අවිය (18) ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ වැඩබලන අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරි ජානක කුමාර මහතාගේ අධීක්ෂණය යටතේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් ජයසිංහ මහතාගේ උපදෙස් මත ඒකක අංක 04 භාර ස්ථානාධිපති පො.ප ඉසුරු ශ්‍යාමික මහතාගේ මෙහෙයවීමෙන් උ.පො.ප ප්‍රසන්න, පො.සැ (21284) බණ්ඩාර, (56805) ගුණසේකර, (60161) වසන්ත, (69598) අනිල්, (70471) තෙන්නකෝන්, පො.කො (76495) ක්‍රිශාන්ත, (76947) මංජුල, (104619) කිත්සිරි, (104701) ජයතිලක ඇතුළු නිලධාරීහු වැටලීම සිදුකර ඉදිරි පරීක්ෂණ පවත්වති.
දිනමිණ ඇසුරෙන්-
කොට්ටාව සමූහ සහ දෙහිවල ඩී.පී හේරත්
ඡායාරුපය– ප්‍රදීප් කුමර
