Impartial news reporting for a stronger democratic society
දිළිඳු පවුල්වලට බෙදා  දෙන්න ඉන්දීය ව්‍යාපාරිකයා නිකන් දුන්න සහල් තොගය මාස 3ක් වාරායේ

ජනතාවට සහන දෙන බව මෙවර  අය වැය මගින් ප්‍රකාශ කළ ද, ඉන්දිය ව්‍යාපාරිකයකු නොමිලේ ලබා දුන්  සහල් මෙට්‍රික් ටොන් 130ක් මාස තුනකට අධික කාලයක සිට කොළඹ වරායේ රඳවා ගෙන සිටින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයේ සභාපති  රුවන් අසුරමුණි මහතා පැවසීය.

කොළඹ වරායේ කන්ටේනර් පහක අසුරා ඇති මෙම සහල් මෙට්‍රික් ටොන් 130 ක ප්‍රමාණය නැත හොත් සහල් කිලෝ 130000 ප්‍රමානය විනාශ වීමේ අවදානමකට ලක්ව ඇති බව ද ඒ මහතා  පවසයි.

ඒ මහතා තවදුරටත්  පවසන්නේ , ඉන්දියාවෙන් නැව ආවෙත් නොමිලේ, සහල් ආවෙත් නොමිලේ දිළිඳු පවුල් සඳහා බෙදා දීමටයි. මානුෂීය ආධාරයක් වශයෙන්  ලංකාවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය වෙත  එවන ලද කීරි පුණ්ණි සම්බා  සහල් කන්ටේනර් පහක් දැනට මාස තුනක කාලයක් සිට  වරායේ රඳවා ගෙන  තිබෙනවා. එක සහල්  කිලෝ එකට රුපියල්  හැට පහ ගානේ බදු ගහන්න හදනවා. මේක අරුම පුදුම ආණ්ඩුවක්.

මේ ආකාරයට තොගය රඳවා ගෙන තබා ගැනීම නිසා සහල් තොගය විනාශ වීමේ අවදානමක් ඇතිවිය හැකියි. එසේ වුව හොත් ඒම වගකීම ආණ්ඩුව භාරගත යුතු වෙනවා.

කිසිදු මුදලක් අය නොකර නොමිලයේ ලබා දුන් මේ සහල් තොගය රේගු ගාස්තු වලින් නිදහස් කර අහිංසක ජනතාවට ලබා දෙන්නට වහාම පියවර ගන්නා ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. 

මේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කළ ද ඒ සඳහා ද කිසිදු ප්‍රතිචාරයක් නොමැති බව ද ඒ මහතා   තවදුරටත් පැවසීය.

Follow by Email
LinkedIn
Share
WhatsApp