
ගංවතුරෙන් විනාශ වු වී ගොවිතැන
——————————————
දිට්වා සුළි කුණාටුවෙන් වී වගා හෙක්ටයාර 108,000ක්, අනෙකුත් ක්ෂේත්‍ර බෝග 11,000ක් සහ බඩ ඉරිඟු වගා හෙක්ටයාර 6,600ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව කෘෂිකර්ම, පශු සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ මහතා පසුගිය දා පවසා ඇත.
එළවළු හෙක්ටයාර 6,143ක් ද , උඩරට එළවළු හෙක්ටයාර 5,893කින් 2,613ක් ද, පහතරට එළවළු හෙක්ටයාර 8,990කින් 3,530ක් සම්පූර්ණයෙන්ම ද, අනෙකුත් ක්ෂේත්‍ර බෝග හෙක්ටයාර 27,600කින් 3,530ක් , බඩ ඉරිඟු හෙක්ටයාර 87,244කින් 6,600ක්ද මහ පරිමානයෙන් විනාශ වී ඇති ලේකම්වරයා පවසයි.
ඔහු තවදුරටත් පවසන්නේ, 2025/26 මහ කන්නය සඳහා සැලසුම් කැර තිබූ වී ගොවීන් හෙක්ටයාර 870,000කින් හෙක්ටයාර 615,000ක් වැපිරුවා. එයින් 108,000ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.මේ දක්වා වගා කටයුතු සඳහා භාවිතා කර ඇති අරමුදල් සහ බෝගය නැවත ආරම්භ කිරීමේ පිරිවැය සඳහා රජය ගොවීන්ට වන්දි ලබා දෙනවා.
වී, බඩ ඉරිඟු සහ අනෙකුත් ක්ෂේත්‍ර බෝග ගොවීන්ට හෙක්ටයාරයකට රුපියල් 150,000 ක් සහ එළවළු ගොවීන්ට හෙක්ටයාරයකට රුපියල් 200,000 ක් ලබා දීමට පියවර ගෙන තිබෙනවා.

අර්ධ වශයෙන් විනාශ වූ කෙත්වතු සමීක්ෂණය කර හානිය වෙන වෙනම තක්සේරු කර වන්දි ලබා දෙනවා.
ගොවීන් දැනටමත් වගා කටයුතු ආරම්භ කර තිබෙනවා. විශේෂයෙන් වී ගොවීන් ගංවතුරට පුරුදු වී සිටිනවා. සමහර වසරවලදී ගංවතුර තුනක් ඇති වෙනවා. කෙසේ වෙතත්, කන්නයේ මුල් අවධියේදී සුළි කුණාටුව පැමිණි බැවින් කෙත්වතු නැවත වගා කළ හැකි තත්ත්වයක් තිබෙනවා.
සමහර ගොවීන්ට නිලධාරීන් සම්බන්ධ කර ගැනීමට අපහසු නම්, ඔවුන්ට 1,918 ක්ෂණික දුරකථන අංකයට කතා කළ හැකි අතර ඒ සඳහා කටයුතු සම්පාදනය කර තිබෙනවා. සමහර ප්‍රදේශවල ගංවතුරෙන් පසු සමහර රජයේ නිලධාරීන් ද පීඩාවට පත්ව සිටින බව ලේකම්වරයා වැඩි දුරටත් පැවසීය.
