Impartial news reporting for a stronger democratic society
දිට්වා සුළි කුණාටුවෙන් පීඩා විදි ශ්‍රී ලාංකික ජනතාවට ජපානයේ මැදිහත් වීමෙන් තවත් හදිසි ප්‍රදානයක්

 

 දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ විනාශකාරී හානිවලට ප්‍රතිචාර වශයෙන්, දෙසැම්බර් 16 වැනි දා ජපන් රජය, ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානය [International Organization for Migration (IOM)], එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල [United Nations Children’s Fund (UNICEF)] සහ ලෝක ආහාර වැඩසටහන [World Food Programme (WFP)] හරහා ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක හදිසි ප්‍රදානයක් ලබා දීමට තීරණය කැර තිබේ.

මෙම හදිසි ප්‍රදානය සමඟින්, ජපානය IOM, WFP සහ UNICEF හරහා ආහාර සහ ආහාර නොවන ද්‍රව්‍ය වැනි ක්ෂේත්‍ර සදහා මානුෂීය ආධාර ක්‍රියාත්මක කිරීමට නියමිතය.

 IOM හරහා, ජපානය මහනුවර, බදුල්ල සහ කෑගල්ල යන ප්‍රදේශවල දැඩි ලෙස පීඩාවට පත් නිවාස සඳහා මුළුතැන්ගෙයි කට්ටල, සේදුම් කට්ටල සහ ඇඳ ඇතිරිලි කට්ටල ඇතුළුව නවාතැන් කට්ටල 615 ක් සඳහා  අමෙරිකානු ඩොලර් මිලියන 1 ක ආධාර ලබා දීමට නියමිතය.

 WFP හරහා ජපානය, මහනුවර, බදුල්ල, නුවරඑළිය සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල දැනට ආරක්ෂිත කදවුරැවල ජීවත්වන නිවැසියන් සඳහා හදිසි ආහාර ආධාර වශයෙන්  අමෙරිකානු ඩොලර් මිලියන 1 ක ආධාරයක් ලබා දෙයි. මෙම ආධාර යටතේ, ඒම නිවැසියන්ට තම පවුල්වලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට හැකි වනු ඇති බව විශ්වාස කෙරේ.

 ඊට අමතරව, යුනිසෙෆ් ආයතනය හරහා ජපානය මධ්‍යම, ඌව, නැඟෙනහිර, බටහිර සහ වයඹ පළාත්වල දැඩි ලෙස බලපෑමට ලක් වූ ප්‍රදේශ ඉලක්ක කැර ගනිමින් ජලය, සනීපාරක්ෂාව සහ ළමා ආරක්ෂාව සඳහා  අමෙරිකානු ඩොලර් 500,000 ක ආධාර ලබා දීමට නියමිතය. මෙම සහයෝගය හදිසි ජලය සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය සැපයීම, ජල සැපයුම් පහසුකම්වල අක්‍රමිකතා අලුත්වැඩියා කිරීම සහ ජලයෙන් බෝවන රෝග වැළැක්වීම සඳහා සනීපාරක්ෂක පිළිවෙත් ප්‍රවර්ධනය කිරීම මඟින් ආරක්ෂිත ජලය සහතික කිරීමට සහ ආරක්ෂිත මධ්‍යස්ථානවල බෝවන රෝග වැළැක්වීමට  හැකි  වෙයි.

 ඉහත සඳහන් හදිසි ආධාර ප්‍රදානයන්ට අමතරව, ජපන් රජය විසින් මහනුවර, මාතලේ, බදුල්ල ඇතුළු බලපෑමට ලක් වූ ප්‍රදේශවල අවතැන් වූ සහ පීඩාවට පත් ජනතාවගේ දුෂ්කරතා අවම කිරීම සඳහා JICA ආයතනය හරහා කූඩාරම්, බ්ලැන්කට්, සුලං පිරවිය හැකි නිදන මෙට්ට, ජල පිරිපහදු යන්ත්‍ර සහ ජෙරී කෑන් වැනි හදිසි සහන භාණ්ඩ ‌මෙයට පෙර  ලබා දෙන ලදී.

ජපන් රජය විසින් 31 දෙනෙකුගෙන් යුත් ජපන් ආපදා සහන [Japan Disaster Relief (JDR)] වෛද්‍ය කණ්ඩායමක් ද පිටත් කර ඒවූ අතර, ඔවුන් හලාවත ක්ෂේත්‍ර රෝහලක් පිහිටුවා දෙසැම්බර් 3 සිට 14 දක්වා රෝගීන් 1,250 කට වැඩි පිරිසකට වෛද්‍ය සේවා ලබා දුන්හ.

 ඉහත සඳහන් මෙම ආධාර ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින විශ්වාසයේ සහ මිත්‍රත්වයේ ශක්තිමත් බැඳීම පෙන්නුම් කරන අතර, අවශ්‍යතා ඇති ශ්‍රී ලාංකික ජනතාවට උපකාර කිරීම සඳහා ජපානයේ නොසැලෙන කැපවීම පෙන්නුම් කරයි. මෙම දුෂ්කර අවස්ථාවේදී ජපානය ශ්‍රී ලාංකික ජනතාව සමඟ සහයෝගයෙන් කටයුතු කරන බව ඉතා පැහැදිලිය.

චන්දන වි‌ජේකෝන්

විසින්

Follow by Email
LinkedIn
Share
WhatsApp