Impartial news reporting for a stronger democratic society
දකුණු මුහුදේ දී ඇල්ලු අයිස් – හෙරොයින් තොගයට සැකපිට සජබ අපේක්ෂකයෙක් අත්අඩංගුවට – පක්ෂ සාමාජිකත්වයත් අහෝසියි

දකුණු මුහුදු තීරයේ දී නාවික හමුදාව , පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය එක්ව  ඊයේ (20)  අත්අඩංගුවට ගත්  මත්ද්‍රව්‍ය  තොගය සහ ධීවර යාත්‍රාව  පිළිබද  කළ විමසීමකදී පොලීසිය සඳහන් කෙළේ, පන්නල ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගය හිටපු මන්ත්‍රීවරයකු  මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බවයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව  අදාළ බහුදින ධීවර යාත්‍රාව සහ එහි සිටි ීවරයින් 6දෙනා ඊයේ පස්වරුවේ තංගල්ල ධීවර වරාය වෙත රැගෙන එනු ලැබීය.

ආරක්ෂක අංශ වෙත ලද තොරතුරකට අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය ඒකාබද්ධව සිදුකළ  මෙහෙයුමකින් මෙම ධීවර යාත්‍රාව සොයාගනු ලැබීය.

අදාළ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය පාර්සල් 15ක් තිබී හමු වූ අතර, එහි හෙරොයින් කිලෝ 300ක්, අයිස් කිලෝ 100ක් මෙන්ම ගිනිඅවි 02ක් ද තිබී  සොයා ගෙන ඇත.

 අත්අඩංගුවට ගත් සජබ මන්ත්‍රී වසන්ත ජයකොඩි පක්ෂ සමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කළ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස සිය X ගිණුමේ සටහනක් තබමින් නිවේදනය කැර ඇත.

Follow by Email
LinkedIn
Share
WhatsApp