Impartial news reporting for a stronger democratic society
දකුණු පිලි­පී­න මුහුදු සීමා­වේ ගමන් කළ මගී යාත්‍රා­වක් පෙර­ළී­18 ක් මරුට – වෙර­ළා­ර­ක්ෂක බළ­කා­ය 317ක් බේරා ගනී

දකුණු පිලි­පී­න මුහුදු සීමා­වේද ගමන් කරමින් තිබු මගී යාත්‍රා­වක් පෙර­ළී­මෙන් 18 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය  සඳහාන් කරයි.

ට්‍රිෂා කර්ස්ටින් නමැති භාණ්ඩ හා මගී ප්‍රවා­හන යාත්‍රාව පිලි­පී­නයේ දකුණු දෙසින් පිහිටි බලුක් බලුක් දූපත අස­ලදී ඊයේ (26) අලු­යම 2.00 පමණ මේ අන­තු­රට ලක්වී ඇති අතර, ඒ වන­විට කාර්ය මණ්ඩ­ලයේ සාමා­ජි­ක­යන් 27ක් සහ මගීන් 332 දෙනකු යාත්‍රාවේ සිටි බවට තොර­තුරු ලැබී ඇතැයි පිලි­පීන වෙර­ළා­ර­ක්ෂක බළ­කාය ප්‍රකාශ කැර තිබේ.

අන­තු­රට පත්වූ යාත්‍රාවේ සිටි 317 දෙනකු මුදා ගෙන ඇති අතර, තවත් 24 දෙනකු අතු­රු­දන් වී ඇතැයි  සඳහාන් වේ. පුද්ග­ල­යන් 350කට ප්‍රමා­ණ­වත් එම යාත්‍රාවේ ධාරි­තාව ඉක්මවා 359 දෙනකු ගමන් කිරිම යාත්‍රාව පෙර­ළී­මට හේතු­ව­න්නට ඇතැයි අනු­මාන කරන බව නිවේ­ද­න­යක් නිකුත් කර­මින් වෙර­ළා­ර­ක්ෂක බළ­කාය වැඩි­දු­ර­ටත් සඳ­හන් කර ඇත. කෙසේ වුවත් අන­තු­රට හේතුව සොයා ගැනී­මට පරි­ක්ෂ­ණ­යක් පව­ත්වන බව පිලි­පීන රජය ප්‍රකාශ කර තිබේ. අතු­රු­ද­න්වූ­වන් සොයා ඊයේ පස්ව­රුව වන­වි­ටත් පිලි­පීන ආර­ක්ෂක අංශ සහ වෙර­ළා­ර­ක්ෂක බළ­කාය ඒකා­බ­ද්ධව එම මුහුදු සිමාවේ දැවැන්ත මෙහෙ­යු­මක් සිදු කර­මින් සිටි බව  සඳහාන් වේ. මෙහෙ­යුම සඳහා එරට ගුවන් හමු­දාවේ හෙලි­කො­ප්ටර් යානා 2ක් ද යොදා ගෙන ඇති බව අනාවරණය වෙයි.( දිනමිණ ඇසුරෙන්)

Follow by Email
LinkedIn
Share
WhatsApp