Impartial news reporting for a stronger democratic society
දකුණු අප්‍රිකාවේ නිල සංචාරය අවසන් කර යන ගමන්   චීන විදේශ  ඇමැති වැන්ග් පැය කිපයක් ලංකාවේ නවතී    

දකුණු අප්‍රිකාවේ නිල සංචාරය අවසන් කැර නැවත චීනය බලා යන අතරතුර කෙටි ගමනාගමන නැවතුමක් සඳහා චීන විදේශ  ඇමැති වැන්ග් යී මහතා  අද (12) අලුයම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණියේය.

17 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් සමඟ පැමිණි වැන්ග් යී මහතව, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං සහ චීන තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ගුවන්තොටුපොළේදී පිළිගනු ලැබීය.

ශ්‍රී ලංකා  ආණ්ඩුව නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ නැඟෙනහිර ආසියානු සහ ඕෂනියා අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සාවිත්‍රි පානබොක්කේ මහත්මිය සහ අනෙකුත් අමාත්‍යාංශ නිලධාරීන්  චීන දූත පිරිස පිළිගනු ලැබීණී.

චීන විදේශ  ඇමැතිවරයා සහ  දූත පිරිස අද (12) පස්වරුවේ ශ්‍රී ලංකාවෙන් පිටත්ව යෑමට නියමිතය.

Follow by Email
LinkedIn
Share
WhatsApp