
දකුණු අප්‍රිකාවෙන් ගෙන ආ 9 වැනි ගල් අගුරු නැව ද බාල ගල් අගුරු බවට සාක්ෂි සහිතව ඔප්පු වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
අද හෝමාගම ශ්‍රී කල්‍යාණධර්ම අභිනවාරාම විහාරස්ථානයේ බෝධින් වහන්සේ වටා ඉදිකර ඇති රන් වැට විවෘත කිරීමේ අවස්ථාවට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව පැවසීය.
තවදුරටත් අදහස් දැක්වු සජිත් ප්‍රේමදාස මෙසේද පැවසීය.
මෙයට පෙර අවස්ථාවල ගෙන ආ ගල් අගුරු නැව් 8 ම බාල ගල් අගුරු සහිත නැව් බවට දත්ත කේන්ද්‍රීයව ඔප්පු වී තිබියදී, 9 වැනි නැවත් එසේ වීම පුදුම සහගතයි.
බලගාරයේ දහන වාර්තා සහ විදුලි ඒකකයක් නිපදවීම සඳහා කිලෝවොට් පැයකට අවශ්‍ය ගල් අගුරු කිලෝ ග්‍රෑම් ප්‍රමාණයත් නොරොච්චෝලේ බලාගාරයේ මෙගාවොට් 900 නිපදවන වාර්තා අනුව මෙගාවොට් 300 පළමු සහ තෙවැනි ඒකකයේ වාර්තා අනුව දකුණු අප්‍රිකාවෙන් ගෙන ආ 9 වැනි ගල් අගුරු නැවත් බාල බවට සනාථ වී තිබෙනවා.
පළමු ඒකකයේ මෙගාවොට් 250ත් තුන්වැනි ඒකකයේ මෙගාවොට් 275ක් නිපදවා ඇති බවත් මෙය මෙගාවොට් 300 විය යුතු බවත් දෙවැනි ඒකකයේ නිවැරදිව මෙගාවොට් 300 නිපදවා ඇති බවත් එයට හේතුව ඒ ගල් අගුරු රුසියාවෙන් ගෙන්වූ උසස් තත්ත්වයෙන් යුත් ගල් අගුරු නිසා බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.
මේ ආණ්ඩුව නැව් 25-27 අතර ප්‍රමාණයක් දකුණු අප්‍රිකාවෙන් ආනයනය කර ඇති නමුත් මේ ගල් අගුරු තත්ත්වයෙන් බාල බවට සාක්ෂි සාධක සහිතව ඔප්පු වී තිබෙනවා.මේ තත්කාලීන වාර්තා අනුව ගල් අගුරු තුළින් බරපතළ දුෂණයක් කර ඇති බව විපක්ෂ නායකවරයා පැවසීය.
මහා සංඝරත්නයට වනචාරීන් ලෙස අපහාස කරන මේ ආණ්ඩුව වනචාරීන්ටත් එහා ගොස් ගල් අගුරුවලින් සිදු කරන දූෂණය සහ වංචාව තුළ සිදු වන්නේ බරපතළ හානියක් බ සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් සඳහන් කෙළේය.
(Source- The Leader)
