Impartial news reporting for a stronger democratic society
තෙල්වලට කෑදර කමින් වෙනිසියුලාව ” පාලනය කරන්න යන” ට්‍රම්ප්

නිසි ලෙස බල හුවමාරුවක්  සිදු වෙන තෙක් අමෙරිකා එක්සත් ජනපදය වෙනිසියුලාව “පාලනය කරන ” බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කැර ඇති බව සඳහාන්ය.

වෙනිසියුලාවට එරෙහි  මෙහෙයුමේදී කිසිදු අමෙරිකානු සෙබළෙකු මිය නොගිය බවත්, අවශ්‍ය නම් දෙවන “හා ඊටත් වඩා විශාල” ප්‍රහාරයක් එල්ල කිරීමට “සූදානම්” බවත් ජනපති ට්‍රම්ප් පවසා ඇත..

මදුරෝට සිදු වූ දේ ඔවුන්ටත් සිදුවිය හැකි බව වෙනිසියුලාවේ සියලුම දේශපාලන හා හමුදා නායකයන් තේරුම් ගත යුතු බව ට්‍රම්ප් බවසා තිබේ.

 “වෙනිසියුලානු ජනතාව නැවතත් නිදහස්,” ඔහු කියා ඇත. අද අමෙරිකාව “ආරක්ෂිත” සහ “ආඩම්බර ජාතියක් ” යැයි ද ඔහු ට්‍රම්ප් වැඩිදුරටත් පවසා ඇත.

අමෙරිකානු හමුදා වෙනිසියුලා ජනාධිපතිවරයා අල්ලා ගන්නා ලද මෙහෙයුම ජනපති ට්‍රම්ප් හඳුන්වනු ලැබුවේ,”ඇමෙරිකානු ඉතිහාසයේ අමෙරිකානු හමුදා ශක්තිය සහ නිපුණතාවයේ වඩාත්ම විශ්මයජනක, ඵලදායී සහ බලගතු ලෙස ප්‍රදර්ශනය” කිරීමක් ලෙසයි.

වෙනිසියුලා ජනාධිපති මදුරෝ යු.එස්.එස් ඉවෝ ජිමා (USS Iwo Jima) නෞකාවේ රඳවා සිටින අයුරු දැක්වෙන බව කියන ඡායාරූපයක් ද ජනපති ට්‍රම්ප් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබේ.

වෙනිසියුලාව සමඟ එක්සත් ජනපද “හවුල්කාරීත්වය” වෙනිසියුලාවේ ජනතාව “පොහොසත්, ස්වාධීන සහ ආරක්ෂිත” බවට පත් කරනු ඇතැයි ට්‍රම්ප් කියා සිටියේය.ඔහු තව දුරටත් පැවසුවේ ,අමෙරිකා එක්සත් ජනපදයේ වෙසෙන වෙනිසියුලානු ජාතිකයන් ද මේ පිළිබඳ “අතිශයින් ම සතුටු වනු ඇතැයි” යනුවෙනි.

කෙසේ නමුත්, නිකොලස් මදුරෝ, එරට ජනපති ධුරයට පත් වූයේ 2013 වසරේ හියුගෝ චාවේස් පරාජය කරමිනි. එක්සත් ජනපදයට අවශ්‍යව ඇත්තේ වෙනිසියුලාව සතු තෙල් ආකාරවල පාලනය සියතට ගැනීම බව මදුරෝ නිතර චෝදනා කරයි.

මතුව ඇති මෙම තත්ත්වය පිළිබඳව අදහස් දක්වන ජාත්‍යන්තර විචාරකයන් පවසන්නේ , අමෙරිකාව ස්වාධින රාජ්‍යයන් ගණනාවක් විනාශ කිරීමට පටන් ගෙන ඇති බවත්, වැඩි කලක් යෑමට පෙර එහි ප්‍රතිපළ අමෙරිකාවට භුක්ති විදීමට සුදුවන බවත් , අමෙරිකාව තුන්වැනි ලෝක යුද්ධයක් ඇති කිරිමට මාන බලන බවත් පෙන්වා දෙයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp