
තායිලන්ත දේශසීමාවේ පිහිටි සයිබර් අපරාධ මධ්‍යස්ථානයක් වටලා පුද්ගලයන් 350 දෙනකු අත්අඩංගුවට ගත් බව මියන්මාර හමුදාව ප්‍රකාශ කරයි.
අත්අඩංගුවට ගත් පිරිස අතර විදේශිකයන් 346 දෙනකු සිටින බවත්, ඔවුන් ලොව පුරා විවිධ රටවල ව්‍යාපාරිකයන් ඇතුළු පුද්ගලයන් වංචා සහගතව රවටා මුදල් උපයා ගැනීම සඳහා භාවිත කළ ජංගම දුරකතන දසදහසක් පමණ සොයාගත් බවත් මියන්මාර හමුදාව සඳහන් කරයි.
දේශසීමා ආරක්ෂක බළකාය සමඟ එක්ව මියන්මාර හමුදාව එම වැටලීම සිදු කැර ඇත්තේ මියන්මාර- තායිලන්ත දේශසීමාව ආසන්නයේ පිහිටි කැරන් ප්‍රාන්තයේ ෂූව් කොක් කෝ නමැති ප්‍රදේශයේදී වන අතර, සයිබර් අපරාධ මධ්‍යස්ථාන පවත්වාගෙන යෑමට සහාය දුන් බවට අදාළ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන ආයුධ සන්නද්ධ කණ්ඩායම්වලට මියන්මාර හමුදාව චෝදනා එල්ල කැර ඇත.
තවත් මෙවැනි සයිබර් අපරාධ මධ්‍යස්ථාන රැසක් තායිලන්ත දේශසීමාවේ ඇති බව මියන්මාර හමුදා ප්‍රකාශක පැවසීය.
