Impartial news reporting for a stronger democratic society
තායිලන්තයේ මගී දුම්රියක් මතට දොඹකරයක් කඩා වැටී 32ක් එක තැනම මරුට  

තායිලන්තයේ ඊසානදිග ප්‍රදේශයේ ධාවනය වෙමින්  තිබු දුම්රියක් මතට දොඹකරයක් වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 32 දෙනකු පමණ මිය ගොස්  ඇතැයි අනාවරණය වෙයි.

තායිලන්තයේ උබොන් රට්චාතානි පළාත බලා පිටත් වූ මෙම දුම්රියේ සිටි මගීන් සහ කාර්ය මණ්ඩලයේ අනන්‍යතා තවමත් පරීක්ෂා කරමින් පවතින බව නිලධාරීන් පවසා  ඇතැයි සඳහාන්ය.

දුම්රියේ ආසන සැලැස්මට අනුව, මගීන් සහ කාර්ය මණ්ඩලය 195 ක් සිටි බව පවසන බලධාරීන්,දොඹකරයේ එක් මැදිරියක දුම්රිය ගැටීමෙන් පීලි පැන කෙටි වේලාවකට පසු ගිනි ගෙන ඇති අතර, අවම වශයෙන් 64 දෙනෙකු තුවාල ලබා ඇති සඳහාන් වේ.

තායිලන්තයේ ප්‍රවාහන ඇමැති  පිපාට් රට්චකිත්ප්‍රකන් පැවසුවේ අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කැර ඇති  බවත්, ගලවා ගැනීමේ කටයුතු අඛණ්ඩව සිදුවෙමින් පවතින බවත්ය.

රජයේ ප්‍රකාශයකට අනුව, ඔහු වින්දිතයන්ගේ පවුල්වලට සිය ගැඹුරු ශෝකය ප්‍රකාශ කළ අතර, බලපෑමට ලක් වූ සියලුම මගීන් සහ මහජනතාව කෙරෙහි ඔහුගේ කනස්සල්ල පළ කැර  තිබේ.

බැංකොක් සිට සැතපුම් 143 ක් පමණ ඊසාන දෙසින් පිහිටි නකොන් රට්චසිමා පළාතේ සිකියෝ දිස්ත්‍රික්කයේ අධිවේගී දුම්රිය ව්‍යාපෘතියක වැඩ කටයුතු සඳහා මෙම දොඹකරය භාවිතයට ගෙන ඇත.

තායිලන්ත රාජ්‍ය දුම්රිය නියෝජ්‍ය ආණ්ඩුකාර අනන් පොතිනිම්ඩෙන්ග් පැවසුවේ, අනතුර පිළිබඳ දැනුම් දුන් වහාම, මගීන්ට උපකාර කිරීමට අධීක්ෂණය කිරීමට සහ තුවාල ලැබූවන් රැකබලා ගැනීමට වෛද්‍ය ඒකක අදාළ ස්ථානයට ගිය බවත්, ඔවුන් ආයතන සමඟ සම්බන්ධීකරණය කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත්ය.

Follow by Email
LinkedIn
Share
WhatsApp