Impartial news reporting for a stronger democratic society
තායිලන්තයේ තවත් දොඹකර අනතුරක්  ! බැංකොක් නුවර අධිවේගී මාර්ගයකට දොඹකරයක් කඩා වැටී පුද්ගලයන් දෙදෙනකු මරුට

ඊසානදිග තායිලන්තයේ ධාවනය වෙමින් තිබූ දුම්රියක් මතට දොඹකරයක් කඩා වැටී සතියක් ගත වීමට පෙර  බැංකොක් නුවර අධිවේගී මාර්ගයක් මතට තවත් දොඹකරයක් කඩා වැටී පුද්ගලයන් දෙදෙනකු ජිවිතක්ෂයට පත්වූ බව විදෙස් මධ්‍යය සඳහාන් කරයි.

බැංකොක් නුවර සමුට් සකෝන් ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක ඉදි කිරීමේ කටයුතු සඳහා භාවිත කළ එම දොඹකරය ඊට පහළින් පිහිටි තවත් අධිවේගී මාර්ගයකට කඩා වැටී ඇති අතර, මාර්ගයේ ධාවනය වූ මෝටර් රථ කිහිපයකට ද හානි සිදු වී ඇත..

දොඹකර අනතුරු 2කට ම මුල් වූ ඉදිකිරීම් සිදු කර ඇත්තේ තායිලන්තයේ විශාලතම ඉදිකිරීම් සමාගමක් බවත්, පසුගිය වසරේ මාර්තු මස බැංකොක් නුවර භූ කම්පනයෙන් බිඳ වැටුණු ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් භාරව කටයුතු කැර ඇත්තේ ද එම සමාගම බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

 එම භු කම්පනයෙන් බැංකොක් නුවර බිඳ වැටුණු එකම ගොඩනැඟිල්ල ද එය බව වාර්තා වේ. අධිවේගී මාර්ගයේ දොඹකර අනතුර සම්බන්ධව අදාළ සමාගම වගකිව යුතු බව තායිලන්තයේ අගමැති අනුටින් චාර්න්විරකුල් ප්‍රකාශ කැර ඇති අතර, ධාවනය වූ දුම්රිය මතට දොඹකරය කඩා වැටී පුද්ගලයන් 32 දෙනකු ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීම සම්බන්ධව එම සමාගමට නඩු පවරන බව තායිලන්ත දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කැර තිබේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp