
මතභේදාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අවලංගු කිරීමට වත්මන් ආණ්ඩුවට සැබෑ අභිප්‍රායක් නොමැති බවත්, ඒ වෙනුවට ඔහු කලින් හඳුන්වා දුන් නව පනත ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නම් එය ක්‍රියාත්මක කළ හැකි බවත් හිටපු අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ චෝදනා කරයි.
පසුගිය දා (22) රාත්‍රියේ ටීවී දෙරණ නාලිකාවේ ‘360’ වැඩසටහනට එක්වෙමින් රාජපක්ෂ මහතා මේ බව පැවසීය.
තවදුරටත් ඔහු පැවසුවේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විට වත්මන් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු එයට දැඩි ලෙස විරුද්ධ වී තිබෙනවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්පූර්ණයෙන්ම අවලංගු කරන ලෙස ඉල්ලා සිටි තිබෙනවා.
විදේශ ඇමැති විජිත හේරත් පාර්ලිමේන්තු විවාදයේදී කියා ඇත්තේ ,තවදුරටත් යුද්ධයක් නොමැති රටක නව ත්‍රස්තවාදය වැළැක්වීමේ නීති අනවශ්‍ය බවට තර්ක කර තිබෙනවා. පවතින නීතිය අහෝසි කරන ලෙස ඉල්ලා සිටි තිබෙනවා.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ වත්මන් යෙදුම විවේචනය කරමින් රාජපක්ෂ මහතා කියා සිටියේ, එහි විධිවිධාන යටතේ පුද්ගලයන්ට අයුතු ලෙස සලකනු ලබන බවයි.
විමර්ශන අතරතුර මතු වූ බව පැවසූ තොරතුරු උපුටා දක්වමින්, හිටපු බුද්ධි අංශ නිලධාරියකු දැඩි කොන්දේසි යටතේ රඳවාගෙන සිටින බව ඔහු චෝදනා කෙළේය.
ඔහු අවධාරණය කෙළේ තම විරෝධය විමර්ශන පැවැත්වීම සම්බන්ධයෙන් නොව, නීතිය යටතේ සිදු කර ඇති බව කියන අපයෝජන සම්බන්ධයෙන් බවයි.
“පරීක්ෂණ සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවත්, දැන් පවා එය සම්මත කිරීමේ කිසිදු ගැටලුවක් නැහැ. මෙහි සංශෝධනය කිරීමට කිසිවක් ඉතිරිව නැහැ. කමිටු පත් කරනු ලබන්නේ මෙම නීතිය දිගු කාලයක් රඳවා තබා ගැනීම සඳහා පමණි,” ඔහු තවදුරටත් පැවසීය.
