Impartial news reporting for a stronger democratic society
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරු බදු  විසිවෙයි! භාණ්ඩ අප­න­ය­න­යෙන් චීනය 2025 දී ඩොලර් ට්‍රිලි­යන 1.19ක අති­රේක ලාභ­යක් උපයලා

ගෝලීය ආර්ථි­කයේ දැඩි කැල­ඹී­ම­කට හේතු වූ අමෙ­රි­කානු ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරු බදු සහ වෙළෙඳ ප්‍රති­ප­ත්තිය මධ්‍යයේ පසු­ගිය වස­රේදී භාණ්ඩ අප­න­ය­න­යෙන් චීනය ඩොලර් ට්‍රිලි­යන 1.19ක  අති­රේක ලාභ­යක් උපයා ඇතැයි විදෙස් මාධ්‍ය  සඳහාන් කරයි.

 චීන ආර්ථි­කයේ භාණ්ඩ අප­න­ය­න­යෙන් ඩොලර් ට්‍රිලි­ය­න­යක අති­රේක ලාභ­යක් උප­යා­ගත් පළමු අව­ස්ථාව මෙය බව ද සඳහාන් වේ. එය එතෙක් මෙතෙක් ලොව ඕනෑම රටක් භාණ්ඩ අප­න­යන වෙළෙ­ඳා­මෙන් ලැබූ විශා­ල­තම අති­රේක ලාභය බවට ඉති­හා­ස­යට එක්වූ බව ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් සඳහාන් කරයි.

එරට රේගු නියෝජ්‍ය අධ්‍යක්ෂ  වැන්ං    ජුන් ප්‍රකාශ කර ඇත්තේ ගෝලීය වෙළෙ­ඳාමේ අභි­යෝග සැල­කි­ල්ලට ගැනී­මේදී අසා­මාන්‍ය සහ දුෂ්කර ජය­ග්‍ර­හ­ණ­යක් බවය. පසු­ගිය වස­රේදී අමෙ­රි­කාව සහ චීනය අතර වෙළෙඳ කට­යුතු දුර්වල වූවද, සෙසු රට­වල් සමඟ ඇති­ක­ර­ගත් ශක්ති­මත් වෙළෙඳ සහ­යෝ­ගි­තාව ඊට හේතු වූ බව ඔහු වැඩි­දු­ර­ටත් ප්‍රකාශ කැර තිබේ.( දිනමිණ ඇසුරෙන්)

Follow by Email
LinkedIn
Share
WhatsApp