Impartial news reporting for a stronger democratic society
ට්‍රම්ප් – පුටින් යුද්ධය ගැන කතා කරයි: මැදපෙරදිග යුද්ධය අවසන් කරන්න පුටින්ගෙන් යෝජනා කිහිපයක් !

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර පෙරේදා (08) දුරකථන සාකච්ඡාවක් සිදුව ඇති  බව  අනාවරණය  වෙයි.

එය මේ වසරේ ඔවුන් අතර සිදු වූ පළමු දුරකථන ඇමතුම ලෙස සැකෙන බව සඳහාන්ය.

TASS ප්‍රවෘත්ති සේව සඳහාන් කැර ඇත්තේ පැයක පමණ කාලයක් අදාළ දුරකථන සාකච්ඡාව පවත්වා ඇති අතර, එහිදී වර්තමානයේ ජාත්‍යන්තර යුද තත්ත්වය පිළිබදව දීර්ඝ වශයෙන් සාකච්ඡාවී ඇති බවයි. එසේම එහිදී යුක්‍රේනයේ ගැටුම් සහ වෙනිසියුලාවේ තත්ත්වය කෙරෙහි ද  ජනාධිපතිවරුන් අතර අවධානය යොමු තිබේ.

එහිදී රුසියානු ජනාධිපතිවරයා මැදපෙරදිග යුද්ධය අවසන් කිරීමට යෝජනා කිහිපයක් ඉදිරිපත් කැර ඇති බව විදෙස් මාධ්‍ය  සඳහාන් කරයි.

රුසියානු ජනාධිපතිවරයා දේශපාලන හා රාජ්‍ය තාන්ත්‍රික ක්‍රම මඟින් ගැටුම හැකි ඉක්මනින් විසඳීම අරමුණු කරගත් අදහස් ගණනාවක් මෙහිදී ගෙනහැර දක්වා ඇත. ගල්ෆ් නායකයන්, ඉරාන ජනාධිපති පෙසෙෂ්කියන් සහ තවත් නායකයන් ගණනාවක් සමඟ ඔහුගේ මෑත කාලීනව සිදු කර ඇති සාකච්ඡා පිළිබඳව ද එහිදී සඳහන් කැර ඇත.

මේ වන විට ලෙබනනයේ ඇති වූ ගැටුම්වලින් පුද්ගලයින් 486 දෙනෙකු මියගොස් තවත් 1,313 දෙනෙකු තුවාල ලබා තිබේ.

ඉරානය ,බහරේනයට එල්ල කළ ප්‍රහාරයකින් එක් පුද්ගලයකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය  සඳහාන් කරයි. බහරේනයේ අගනුවර ඉලක්ක කරගත් නේවාසික ගොඩනැගිල්ලකට එල්ල වූ එම ප්‍රහාරයෙන් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කැර ඇත.

Follow by Email
LinkedIn
Share
WhatsApp