Impartial news reporting for a stronger democratic society
ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව දැවැන්ත විරෝධතා : ප්‍රබල දේශපාලන නායකයන් රැසක්  විදි බසිති

අමෙරිකා එක්සත් ජනපදය පුරා ප්‍රධාන නගරවල ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ වී ඇති බවත්,එරට ප්‍රබල දේශපාලන නායකයන් රැසක් ට්‍රම්ප් විරෝධි සටනට එක්ව සිටින බවත්   විදෙස් මධ්‍යය  සඳහන් කරයි.

මෙය මීට පෙර මිලියන සංඛ්‍යාත ජනතාවක් සහභාගී වූ “රජවරුන් එපා” (No Kings) විරෝධතාවල තෙවැනි අදියර සනිටුහන් කැර ඇත.

ඉරානය සමඟ ඇති යුද්ධය, ෆෙඩරල් ආගමන නීති බලාත්මක කිරීම සහ ඉහළ යන ජීවන වියදම ඇතුළු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පනවන ලද ප්‍රතිපත්තිවලට එරෙහිව තමන් විරෝධය පළ කරන බව විරෝධතාකරුවෝ සඳහන් කැර සිටිති.

නිව්යෝර්ක්, වොෂින්ටන් සහ ලොස් ඇන්ජලීස් ඇතුළු අමෙරිකාවේ සෑම ප්‍රධාන නගරයකම මේ වන විට උද්ඝෝෂණ පැවැත්වෙන බව නිව්යෝර්ක්  නුවර සිටින Cyber World Press නියෝජිත සඳහාන් කරයි.

(Cyber ​​World Press, Special Correspondent in New York City)

Follow by Email
LinkedIn
Share
WhatsApp