Impartial news reporting for a stronger democratic society
ට්‍රම්ප් කකුලක් පස්සට ගන්න සූදානමක් ! යුද්ධය අවසන් කිරීමේ දිනය සහ වේලාව තීරණය කරන්නේ අපි – ඉරාන හමුදා ප්‍රකාශක කියයි

“ ඉරානයට එරෙහිව මැදපෙරදිග අපගේ විශාල මිලිටරි උත්සාහයන් අවසන් කිරීම සලකා බලමින් සිටින අතර, අපගේ අරමුණු සපුරා ගැනීමට අපි ඉතා ආසන්න වෙමින් සිටිනවා ” යැයි අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

හෝමූස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් ට්‍රම්ප් පසුව පවසන්නේ එය “අවශ්‍ය පරිදි, එය භාවිත කරන අනෙකුත් ජාතීන්ට, එය ආරක්ෂා කර ඔත්තු බැලීමට සිදුවනු ඇති. එක්සත් ජනපදය එසේ නොකරයි” යනුවෙනි.

මේ අතර, අමෙරිකා එක්සත් ජනපද භාණ්ඩාගාරය දැනට ඉරාන තෙල් සඳහා වන සම්බාධක තාවකාලිකව ඉවත් කරමින් සිටින අතර, තෙල් මිල අඩුකර ගැනීම ඉරාන තෙල් බොහෝ රටවලට විකිණීමට එම පියවර මගින් ඉඩ සලසයි.

මෙම “කෙටි කාලීන අවසරය” මඟින් ගෝලීය වෙළෙඳපොළට තෙල් බැරල් මිලියන 140 ක් පමණ ඇතුළු වීමට ඉඩ සැලසෙන බව එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් සිකුරාදා X වෙත පළකරන ලද ප්‍රකාශයක සඳහන් කෙළේය.

මතුව ඇති තත්ත්වය පිළිබඳව ඉරානය ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, අමෙරිකාව සහ ඊග්‍රායලය මැද පෙරදිග යුද්ධය පටන් ගත්ත ද , එම යුද්ධය අවසන් කිරිමේ දිනය සහ වේලාව තීරණය කරන්නේ තමන් බව ඉරානයේ හමුදා ප්‍රකාශක පසුගිය දා ප්‍රකාශ කැර තිබේ. සතුරාය විරුද්ධව දිගටම ප්‍රතිප්‍රහාර එල්ල් කරන බවත් ඉරානය ප්‍රකාශ කැර තිබේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp