
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් ගෙන ඒමට සෙනෙට් සභාවේ ඩිමොක්රටික් මන්ත්‍රීවරු පිරිසක් සූදානමින් සිටින බව අනාවරණය වෙයි.
ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා හිතුවක්කාරී ලෙස මැදිහත් වී, වෙනිසියුලාවට ප්‍රහාරයක් එල්ල කිරීම සහ එරට ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට නියෝග කිරීමෙන්, ජාත්‍යන්තරයේ මෙන්ම අමෙරිකාවේ ද නීතිය භයානක ලෙස උල්ලංඝනය වු බව කියමින් ඔහුට එරෙහිව මෙම දෝෂාභියෝග යෝජනාව ගෙන එමට ඩිමොක්රටික් මන්ත්‍රීවරු සුදානමින් සිටිති.
වෙනිසියුලාවට ප්‍රහාරයක් එල්ල කිරීම එරට කොන්ග්‍රසයේ රිපබ්ලිකන් මන්ත්‍රීවරුන්ගේ සතුට ට කරුණක් වුවද, ඩිමොක්රටික් මන්ත්‍රීවරුන් සඳහන් කැර ඇත්තේ එම සිදුවීම නිසා ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමේ හැකියාව ඉක්මන් වු බවයි.
ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ පරිපාලනය පාලනයකින් තොරව කටයුතු කරන බවත්, ඔවුන් අසමසම පුද්ගලයන් බවට සිතා කටයුතු කරන බව ඉලිනොයිස් ප්‍රාන්තයේ ඩිමොක්රටික් සෙනෙට් සභික ඩේලියා රැමිරස් සඳහන් කැර ඇති අතර, සැන් ෆ්‍රැන්සිස්කෝ ඩිමොක්රටික් සෙනෙට් සභික ස්කොට් වයිනර් ප්‍රකාශ කැර ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනිසියුලාවේ නීති විරෝධීව සිදු කළ ආක්‍රමණය එරට තෙල් සංචිතය අත්පත් කැර ගැනීමේ අරමුණින් සිදු කළ ක්‍රියාවක් බවයි.
එමෙන්ම එය ලොවම අනාරක්ෂිත කළ සිදුවිමක් බවත්, එම අනීතික කුමන්ත්රණයෙන් චීනයට තායිවානය ආක්‍රමණය කිරීමට මෙන්ම රුසියාවට යුක්රේනය ආක්‍රමණය කිරීමටත්, ඊශ්‍රායලයට ගාසා තීරය ආක්‍රමණය කිරීමටත් ඇරියුම් කිරීමක් බවද ප්‍රකාශ කැර තිබේ.
