
අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉරානය සමඟ සති දෙකක සටන්විරාමයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබේ.
වෙළෙඳපොළ දත්ත අනුව අද උදෑසන වන විට WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 95.47ක් දක්වා පහළ ගොස් ඇති අතර එය ඩොලර් 17.48ක හෝ සියයට 15.48ක අඩුවීමක් ලෙස වාර්තා වේ.
එමෙන්ම Brent crude oil මිලද බැරලයකට ඩොලර් 92.84ක් දක්වා පහළ ගොස් ඇති අතර, Murban crude oil මිලද ඩොලර් 106.51ක් දක්වා අඩුවී ඇත. ඒ අනුව මර්බන් බොරතෙල් මිල පෙර මට්ටමට සාපේක්ෂව සියයට 18.85ක පහළ යාමක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
