Impartial news reporting for a stronger democratic society
ට්‍රම්ප්ගේ පුස් වෙඩි ගණන් ගන්නේ නැහැ – අඛණ්ඩව  තෙල් වෙළෙඳාම සිදු කරනවා – වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝ කියයි

අමෙරිකානු ජනාධිපතිවරයා වෙනිසියුලාවට පනවනු ලැබූ තෙල් නෞකා සම්බාධක හෙළා දකින බවත්, ජාත්‍යන්තරය සමඟ අඛණ්ඩව ඉන්ධන වෙළෙඳාම සිදුවනු ඇති බවත එරට ජනාධිපති නිකොලස් මදුරෝ ප්‍රකාශ කරයි.

වෙනිසියුලාවේ ස්වාධීනත්වයට සහ ස්වෛරිභාවයට හානි කිරීමට අමෙරිකාවට ඉඩ නොදෙන බව අවධාරණය කරන ජනාධිපති මදුරෝ  කියා සිටින්නේ , වෙනිසියුලාවේ ඛනිජ සම්පත්වල හිමිකරු ඩොනල්ඩ් ට්‍රම්ප් නොවන බවත් අමෙරිකාවේ  පුස්  වෙඩි ගණන් නොගන්නා බව  ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහාන් කරයි.

වෙනිසියුලාවේ ඛනිජ සම්පත් සහ භූමිය උදුරා ගැනීමට අමෙරිකාවට ඉඩ නොතබන බවට ඔහු ජනතාව හමුවේ ප්‍රතිඥා දුන් බව  විදේශ මාධ්‍ය සඳහාන් කරයි.

අමෙරිකාවේ අරමුණ වී ඇත්තේ වෙනිසියුලාව යටත් විජිතයක් බවට පත් කිරීම බව සඳහන් කර ඇති නිකොලස් මදුරෝ, ට්‍රම්ප්ගේ සම්බාධක පැනවීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටාරෙස් සමඟ දුරකතනය ඔස්සේ සාකච්ඡාවක් පවත්වා ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

එවැනි සම්බාධක එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රතික්ෂේප කළ යුතු බව වෙනිසියුලාවේ ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයාට දැනුම් දී තිබේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp