Impartial news reporting for a stronger democratic society
ට්‍රම්ප්ගේ තීරු­බදු ප්‍රතිපත්තිය මැද ඉන්දි­යාවේ අප­න­යන වෙළෙ­ඳාම 5%කින් ඉහ­ළ ගිහින්

අමෙ­රි­කාවේ තීරු­බදු අර්බු­ද­ය­කට මුහුණ පා සිටින ඉන්දි­යාව පසු­ගිය වසර නිමා වන ­විට සිය අප­න­යන වෙළෙ­ඳාම සැල­කිය යුතු අයු­රින් ශක්ති­මත් කැර ­ගැ­නී­මට සමත්වී ඇතැයි සවුත් චයිනා මෝනිං පෝස්ට් පුවත් සේවය පෙන්වා දෙයි.

පසු­ගිය වසරේ අව­සන් මාස 9 ඇතු­ළත ඉන්දි­යාව සිය අප­න­යන වෙළෙ­ඳා­මෙන් අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 825.25ක වාර්තා­ගත ආදා­ය­මක් උපයා ගැනී­මට සමත් වී ඇතැයි ද, එම වසරේ අප්‍රේල් මාසයේ සිට නොවැ­ම්බ­රය දක්වා කාලය තුළ එරට අප­න­යන වෙළෙ­ඳාම 5.43%කින් ඉහළ ගොස් ඇතැයි ද සවුත් චයිනා මෝනිං පෝස්ට් පුවත් සේවය වැඩි­දු­ර­ටත්  සඳහාන් කරයි.

ඉන්දීය රජය බ්‍රිතා­න්‍යය, ඕමා­නය සහ නව­සී­ල­න්තය සමඟ නිද­හස් වෙළෙඳ ගිවි­සුම් 3කට ඇතු­ළත් වී ඇති බවත්, ඊශ්‍රා­ය­ලය සමඟ ද නිද­හස් වෙළෙඳ ගිවි­සු­ම­කට එළැ­ඹීමේ සාකච්ඡා නැවත ආරම්භ කැර ඇති බවත් එම පුවත් සේවය සඳ­හන් කෙළේය.

මේ වන ­විට යුරෝපා සංග­මය සම­ඟත්, මැද­පෙ­ර­දිග ගල්ෆ් රට­වල් කිහි­ප­යක් සම­ඟත් නිද­හස් වෙළෙඳ ගිවි­සුම් සම්බ­න්ධව සාකච්ඡා ආරම්භ කිරී­මට නිය­මි­තය.( දිනමිණ ඇසුරෙන්)

Follow by Email
LinkedIn
Share
WhatsApp