Impartial news reporting for a stronger democratic society
ට්‍රම්ප්ගේ “උඩඟු වාචාලකම සහ පදනම් විරහිත තර්ජන” වලින්  අපේ සටන නවත්වන්න බැහැ – ඉරාන ජනාධිපති කියයි

හෝර්මුස් සමුද්‍ර සන්ධිය විවෘත නොකළහොත් බලාගාර සහ පාලම්වලට පහර දෙන බවට  අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ තර්ජනය ක්‍රියාත්මක කළහොත් ඉරානය “ වසර ගණනාවක්  අමෙරිකාවේ සහ එහි සහචරයන්ට තෙල් හා ගෑස් අහිමි කරන බව ” ඉරානයේ පැරාමිලිටරි විප්ලවවාදී ආරක්ෂක බලකාය  අඟහරුවාදා (07) අනතුරු ඇඟවා ඇත.

මේ අතර, ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පැවසුවේ ඔහු ඇතුළු ඉරාන ජාතිකයන් මිලියන 14 ක් යුද්ධයේදී “තම ජීවිත පූජා කිරීමට” ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ඇති බවයි.

ට්‍රම්ප්ගේ “උඩඟු වාචාල කතාවලින් සහ පදනම් විරහිත තර්ජන”වලින්  අමෙරිකා එක්සත් ජනපද සහ ඊශ්‍රායල හමුදාවන්ට එරෙහිව අප කරන  සටන නතර නොකරන බවත්, මෙහෙයුම්වලට එය බාධාවක් නොවන බවත් ඔහුගේ අදහස විය.

ඉරානයට එරෙහිව  අමෙරිකා එක්සත් ජනපද – ඊශ්‍රායල යුද්ධයට සති පහක් ගතවී ඇති අතර, අඟහරුවාදා (ඉන්දියානු වේලාවෙන් බදාදා පෙ.ව. 5:30) මධ්‍යම රාත්‍රිය වන විට ජාත්‍යන්තර නැව්ගත කිරීම සඳහා හෝර්මුස් සමුද්‍ර සන්ධියේ තෙල් නාලිකාව නැවත විවෘත කරන ලෙස  අමෙරිකා එක්සත් ජනපද නායකයා ඉල්ලා තිබේ. නැතහොත් අලුතින් විනාශකාරී බෝම්බ ප්‍රහාරයකට මුහුණ දීමට සිදු වන බව ද පවසා ඇත.

ඉරානයේ ප්‍රධාන මැදිහත්කරුවකු වන පකිස්ථානය හරහා සටන් අවසන් කිරීම සඳහා ටෙහේරානය තමන්ගේම කරුණු 10 ක සැලැස්මක් ඉදිරිපත් කළ බව ඉරානයේ රාජ්‍ය පාලනය යටතේ පවතින IRNA ප්‍රවෘත්ති ඒජන්සිය පැවසීය.

(ඒජන්සි/රොයිටර්)

Follow by Email
LinkedIn
Share
WhatsApp