Impartial news reporting for a stronger democratic society
ජීනිවාවල සාකච්ඡා යද්දී රුසියාව  සහ යුක්රේනය ඇවිලෙයි

රුසි­යානු – යුක්රේන යුද අර්බු­ද­යට විස­ඳුම් සෙවීම සඳහා ජිනීවා නුවර පැවති සාක­ච්ඡා­වෙන් පසු දෙරට අතර යළි යුද ගැටුම් ඇති වූ බව විදෙස් මාධ්‍ය පෙන්වා  කරයි.

 පෙරේදා රාත්‍රි­යේදී යුක්රේ­නයේ කීෆ් අග­නු­ව­රට එල්ල වූ රුසි­යානු හමුදා ප්‍රහා­ර­යෙන් පුද්ග­ල­යන් දෙදෙ­නකු ජීවි­ත­ක්ෂ­යට පත්වී ඇති අතර, යුක්රේන හමු­දා­වෙන් රුසි­යා­වට එල්ල වූ ප්‍රහා­ර­යෙන් පුද්ග­ල­යන් තිදෙ­න­කුට දිවි අහිමි වූ බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් පෙන්වා දෙයි.

ජිනීවා සාක­ච්ඡා­වේදී යුක්රේන සහ යුරෝපා නියෝ­ජි­ත­යන් අමෙ­රි­කානු ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ යුක්රේන සාම යෝජ­නා­ව­ලිය දැඩි විවේ­ච­න­යට ලක් කැර ඇති අතර, එය රුසි­යා­වට වාසි­දා­යක බවට අද­හස් පළ­කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.

යුක්රේන ජනා­ධි­පති වොලො­දි­මිර් සෙලෙන්ස්කි සඳ­හන් කර ඇත්තේ එම සාක­ච්ඡා­වෙන් පසු යෝජ­නා­ව­ලිය නැවත සංශෝ­ධ­නය කිරී­මට සියලු පාර්ශ්ව අතර එක­ඟ­තාව පළ වූ බවය.

ඒ අනුව ට්‍රම්ප්ගේ යෝජ­නා­ව­ලියේ කරුණු කිහි­ප­යක් ඉවත් කරනු ඇතැයි ද, අමෙ­රි­කානු ජනා­ධි­ප­ති­ව­රයා සමඟ වැඩි­දු­ර­ටත් සාකච්ඡා කිරී­මෙන් පසු යුද්ධය අව­සන් කිරී­මට අවශ්‍ය පිය­වර ගත හැකි වනු ඇතැයි ද යුක්රේන ජනා­ධි­ප­ති­ව­රයා විශ්වා­සය පළ කළ බව වාර්තා වේ.

අමෙ­රි­කානු සහ යුරෝපා නියෝ­ජි­ත­යන්ගේ සහ­භා­ගි­ත්ව­යෙන් යුතුව ජිනීවා නුවර පැවති සාක­ච්ඡා­වට ට්‍රම්ප්ගේ යෝජ­නා­ව­ලිය සම්පූ­ර්ණ­යෙන්ම දෝෂ සහිත බව ප්‍රකාශ කර­මින් රුසි­යාව එම සාක­ච්ඡා­වට එක්වීම ප්‍රති­ක්ෂේප කළ බව ද වාර්තා වේ.( දිනමිණ ඇසුරෙන්)

Follow by Email
LinkedIn
Share
WhatsApp