
සාමාන්‍ය පුද්ගලයකු රුපියල් 100ක් රටින් පිටතට ගෙනයද්දී එය කුමක් සඳහා දැයි විමසා පිටු 4-5ක ප්‍රශ්නාවලියකට පිළිතුරු දිය යුතු බවත්, නමුත් ජාතික සංවර්ධන බැංකුවේ (NDB) රුපියල් මිලියන 12,800ක් රටින් පිටතට ගෙන යද්දී මහ බැංකුවේ අධීක්ෂණ භූමිකාවට කුමක් වී තිබේ දැයි පාර්ලිමේන්තු මන්ත්‍රි රවී කරුණානායක පෙරේදා (8) ප්‍රශ්න කෙළේය.
විපක්ෂ මන්ත්‍රී රවී කරුණානායක පෙන්වා දුන්නේ, වංචාව හරහා රුපියල් බිලියන ගණනක් රටින් පිටතට ගොස් ඇති බවත්,EPF අරමුදල හසුරුවන එම මහ බැංකුවම NDB බැංකුවේ ආයෝජනය කරනවා.
2023 දී ගිණුම්වල 3,100ක් තිබුණා. මෙය 2024 දී 12,100 දක්වා වැඩි වුණා. මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙය දැකලා 80 වගන්තිය යටතේ එය පරීක්ෂා කිරීමට නොහැකි වූයේ ඇයි?.
කාගෙන්ද ප්‍රශ්න කළේ?. අභ්‍යන්තර පාලනය, අභ්‍යන්තර විගණනය, භ්‍රමණ මූලධර්මය කොහේද?.
ජාතික සංවර්ධන බැංකුව සඳුදා ප්‍රකාශ කෙළේ සේවකයන් සිදු කරන ලද වංචාවක් හේතුවෙන් රුපියල් බිලියන 13.2ක පමණ අලාභයක් සිදුවී ඇති බවයි.
මහ බැංකුව පසුව පැවසුවේ, NDB සපයන තොරතුරු මත පදනම්ව මූල්‍ය බලපෑම පිළිබඳ මූලික තක්සේරුවක් සිදු කළ බවත්, වාර්තා වූ පාඩුව නොතකා, ප්‍රාග්ධන ප්‍රමාණවත්භාවය සහ ද්‍රවශීලතාවට අදාළ විචක්ෂණ අනුපාත අවම නියාමන අවශ්‍යතාවලට වඩා ඉහළ මට්ටමක පවතින බවත්ය.
