
අමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එකාබද්ධව ඉරානය එල්ල කරමින් සිටින මිලිටරි ප්‍රහාරයන් නිසා ගෝලීය හදිසි අවස්ථාවක් නිර්මාණය වී ඇති අතර, එම තත්ත්වය ශ්‍රී ලංකාවේ ආර්ථිකය, ආහාර සුරක්ෂිතතාව සහ සමාජ ස්ථාවරත්වය දැඩි අවධානමකට ලක්ව ඇති බව ආසියා ප්‍රගති සංසදය අනතුරු අඟවයි.
ආසියා ප්‍රගති සංසදය ඊයේ (24) නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ තවදුරටත් මෙසේද සඳහාන් වේ.
දිග හැරෙන අර්බුදය පිළිබඳ, ආණ්ඩුවේ පිරිස් අතර බැරෑරුම් සාකච්ඡාවක් සිදු වී නොමැති බව පෙනේ. පසුගිය වසර පුරා පරිපාලනයේ ක්‍රියාකාරිත්වය පෙන්නුම් කරන්නේ රට මුහුණ දෙන අර්බුදයේ ව්‍යුහාත්මක මූලයන් ආමන්ත්‍රණය කිරීම සඳහා සුසංයෝගී සැලැස්මක් නොමැතිව, එදිනෙදා මතුවන ගැටලු කළමනාකරණය කිරීම සඳහා පමණක් ක්‍රියාකරමින් සිටින බවකි. දුරදක්නාභාවයක් ඇතිව ක්‍රියා නොකිරීම මඟින් රට භයානක ලෙස අවධානමකට නිරාවරණය කැර ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) අපගේ දුෂ්කරතාවයන්ගෙන් මිදීමට මාර්ගයක් සපයා නැත. ඒ වෙනුවට එය, කප්පාදු පියවර, ඉහළ බදු සහ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා කප්පාදු කිරීම හරහා වැඩ කරන ජනතාවගේ දුක් වේදනා උග්‍ර කැර ඇත. සාක්ෂි පැහැදිලිය. මෙම රාමුව ශ්‍රී ලංකාවට නොගැලපේ. එය ආර්ථිකය ස්ථාවර කිරීමට අසමත් වී ඇත, ජීවනෝපායන් ආරක්ෂා කිරීමට අසමත් වී ඇත. තිරසාර අනාගතයක් සැලසුම් කිරීමට අපොහොසත් වී ඇත.
සෘජු දේශීය ප්‍රතිවිපාක සහිත ගෝලීය කම්පනයක්

අමෙරිකා එක්සත් ජනපද , ඊශ්‍රායල් සන්ධානය මඟින් ඉරානයට එරෙහිව මුදාහල ගල්ෆ් කලාපයේ යුද්ධය උග්‍රවීම, ගෝලීය ඛනිජ තෙල්වලින් 20% ක්ද, LNG සැපයුම්වලින් තුනෙන් එකක්ද, මුහුදුබඩ පොහොර වෙළෙඳාමෙන් තුනෙන් එකක් ගමන් ගන්නා හෝර්මුස් සමුද්‍ර සන්ධියට තර්ජනයක් වනු ඇත. ආසියා ප්‍රගති සංසදය අනතුරු අඟවන්නේ, ශ්‍රී ලංකාවට පහත සඳහන් තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවන බවයි.
- දැඩි ඉන්ධන හිඟයක් සහ තියුණු මිල ඉහළ යාමක්
- නැව් මාර්ග සහ ගෝලීය සැපයුම් දාමයන්ට බාධා
- යුක්රේන යුද්ධයෙන් ඇතිවූ මට්ටමට වැඩි උද්ධමනය
- යල කන්නයේ අස්වැන්නට තර්ජනයක් වන පොහොර හිඟය
- තේ, ඇඟලුම් සහ කෘෂිකර්මාන්තයේ නිෂ්පාදන මන්දගාමී වීම
- බස් රථ, ලොරි, ට්‍රැක්ටර් සහ අස්වනු නෙළන යන්ත්‍රවලට බලපාන ප්‍රවාහන
ඇණහිටීම - 1970 ගණන්වල තෙල් කම්පනය නිසා මතුවූ ආහාර පෝලිම් සහ හිඟයන් ඇතිවීමේ අවධානම
- අවදානමට ලක්විය හැකි කුටුම්භ අතර සාගින්න පැනනැගීම
- මෙය දුරස්ථ භූ දේශපාලනික සිදුවීමක් නොවේ. එය ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය, ආහාර සුරක්ෂිතතාව සහ සමාජ සහජීවනයට සෘජු තර්ජනයකි.
ජාතික හදිසි සැලැස්ම – ප්‍රධාන පියවර
ආසියා ප්‍රගති සංසදයේ සැලැස්ම හදිසි ජාතික, ආංශික සහ ප්‍රජා මට්ටමේ ක්‍රියාමාර්ග ගෙනහැර දක්වයි.
1. බලශක්ති ආරක්ෂාව
- සූර්ය, සුළං, ජෛව ස්කන්ධ, කුඩා ජල විදුලි සහ ගම් මට්ටමේ ඇල්ගී ජෛව ඉන්ධන නිෂ්පාදනය වේගවත් කිරීම
- ත්‍රිකුණාමලය, සපුගස්කන්ද සහ කලාපීය ගබඩා සංකීර්ණවල ඉන්ධන ගබඩා කිරීම පුළුල් කිරීම
- ඉන්දියාව, රුසියාව, ඉරානය සහ ආසියාන් සමඟ හදිසි ඛනිජ තෙල් සැපයුම් සාකච්ඡා කිරීම
- ඉන්ධන, පොහොර සහ අත්‍යවශ්‍ය භාණ්ඩවල උපායමාර්ගික සංචිත ගොඩනඟා ගැනීම
2. ප්‍රවාහන සේවා විධිමත්කිරීම
කර්මාන්ත ශාලා සහ කාර්යාල ක්‍රියාත්මකව තබා ගැනීම සඳහා:
- අනිවාර්ය කාර් සංචිතකරණය සහ ආයතනික ගමන් හැකි පමණ සාමූහිකව සිදු කිරීම
- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන පුද්ගලික බස් රථ සමඟ ඒකාබද්ධ ශ්‍රීලංගම – දුම්රිය පෝෂක බස් ජාලය.
- බස් සහ වෑන් කාලසටහන් සඳහා යෙදුම් / පණීවුඩ පද්ධති සැකසීම
- තදාසන්න සහ ග්‍රාමීය ප්‍රදේශවල පුළුල් කරන ලද වෑන් සේවා
- අත්‍යවශ්‍ය ප්‍රවාහනය සපයන ත්‍රිරෝද රථ සඳහා සහතික කළ ඉන්ධන කෝටා සැපයීම
3. ආහාර සහ කෘෂිකර්ම ආරක්ෂාව
- ජාතික සහල් ස්වාරක්ෂක තොගයක් වහාම ස්ථාපිත කිරීම
- හදිසි පොහොර ප්‍රසම්පාදනය (කාබනික සහ අකාබනික)
- එළවළු, ධාන්‍ය වර්ග සහ කෙටි කාලීන භෝග සඳහා විවිධාංගීකරණය කිරීම
- ගම් මට්ටමේ ධාන්‍ය බැංකු සහ ප්‍රජා ගබඩා ශක්තිමත් කිරීම
- එළ කිරි, මී කිරි සහ එළු කිරි භාවිතා කරමින් ගෘහස්ථ කිරිපිටි නිෂ්පාදනය පුළුල් කිරීම
4. සංක්‍රමණික කම්කරුවන්ට ආරක්ෂාව
- අවදානම් තත්ත්වයන්ගෙන් ඉවත් කිරීමේ සහ නැවත මෙරටට ගෙන්වා ගැනීමේ කාර්ය පටිපාටි ක්‍රියාත්මක කිරීම
- ගල්ෆ් රජයන් සහ ජාත්‍යන්තර ආයතන සමඟ සම්බන්ධීකරණය
- නිවාස, රැකියා සහ ක්ෂුද්‍ර මූල්‍ය ඇතුළු නැවත සමාජයට අන්තර්ග්‍රහණය කිරීමට සහාය
5. ජාත්‍යන්තර සම්බන්ධීකරණය
- එක්සත් ජාතීන්ගේ ආයතන සහ රතු කුරුස සංවිධානය සමඟ සම්බන්ධ වීම
- නැව් මාර්ග විවෘතව තබා ගැනීමට රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන්
- ආර්ථික කම්පන වළක්වා ගැනීම සඳහා නව සංවර්ධන බැංකුව (BRICS බැංකුව)/ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව/ චීනය/ ඉන්දියාව/ රුසියාව සහාය
- සාර්ක් සහ බිම්ස්ටෙක් හරහා කලාපීය සහයෝගීතාව
ආර්ථික ස්වෛරීභාවය සඳහා ආයාචනය
අර්බුදය, ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳපොළවල් සහ IMF විසින් මෙහෙයවනු ලබන කප්පාදු ප්‍රතිපත්ති මත යැපීමේ අස්ථාවරත්වය හෙළි කරන බව සංසදය අවධාරණය කරයි. එබැවින්, ආසිය ප්‍රගති සංසදය, පහත දැක්වෙන සාධක ඇතුළු ආර්ථික ස්වෛරීභාවය දෙසට තීරණාත්මක හැරවුමක් අවශ්‍ය බැව් පෙන්වා දෙන්නේය,
- ආහාර සහ බලශක්තියෙන් ස්වයංපෝෂිත වීම
- පොහොර සහ ඉන්ධන විකල්ප දේශීය නිෂ්පාදනය
- ජාතික ප්‍රමුඛතා සමඟ පෙළගැස්වූ වෙළෙඳාම සහ මූල්‍ය කරණය
- කප්පාදු බරින් වැඩ කරන ජනතාව ආරක්ෂා කිරීම
ආර්ථික ස්වෛරීභාවය යනු හුදකලාවාදය නොවේ. එය ඔරොත්තු දීමේ හැකියාවයි. ආනයන පිරිවැය වැඩිවීම සහ ප්‍රේෂණ සහ සංචාරක කර්මාන්තයේ විභව පහත වැටීම සැලකිල්ලට ගෙන, ණය සේවාකරණ අපේක්ෂාවන් සපුරාලීමට ශ්‍රී ලංකාව ඉතා අපහසු බැවින්, ණය ආපසු ගෙවීම සම්බන්ධයෙන් රජය IMF සමඟ නැවත සාකච්ඡා කළ යුතුය.
ප්‍රජා මට්ටමේ සූදානම
මෙම සැලැස්ම මඟින් කුටුම්භ සහ ප්‍රජාවන්ගෙන් ඉල්ලා සිටින්නේ:
- ගෙවතු වගාව සහ ආහාර සංරක්ෂණය ආරම්භ කිරීම
- නාස්තිය අඩු කිරීම සහ සම්පත් බෙදා ගැනීම
- දේශීය ගොවීන්ට සහ සමුපකාරවලට සහාය වීම
- ගමේ ධාන්‍ය බැංකු පිහිටුවීම
- ගොවිතැන සඳහා පාසල් උද්‍යාන සහ පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කිරීම
ශ්‍රී ලංකාව මානුෂීය හා ආර්ථික ව්‍යසනයක් වළක්වා ගැනීම සඳහා වහාම ක්‍රියා කළ යුතු බවට ආසියා ප්‍රගති සංසදය අනතුරු අඟවයි. ගෝලීය අස්ථාවරත්වයේ කාල පරිච්ඡේදයකට රට සූදානම් වන විට එක්ව කටයුතු කරන ලෙස සංසදය රජය, පෞද්ගලික අංශය, සිවිල් සමාජය සහ පුරවැසියන්ගෙන් ඉල්ලා සිටී. කඩිනම් සම්බන්ධීකරණ ක්‍රියාමාර්ගයකින් ජීවිත, ජීවනෝපායන් සහ ජාතික ස්ථාවරත්වය ආරක්ෂා කළ හැකිය. මෙම අර්බුදයට මුහුණ දීම සඳහා, ශ්‍රී ලංකාව උපරිම සූදානම හා බලමුළු ගැන්වීම සහිත පදනමක් කරා යා යුතුය.
24.03.2026
