
මැද පෙරදිග කලාපයේ ඇතිව ඇති යුධමය තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (IEA) ලෝක වෙළෙඳපොළේ පවතින බලශක්ති අර්බුදයට විසඳුම් ලෙස තම හදිසි සංචිත වලින් තෙල් බැරල් මිලියන 400ක් මුදාහැරීමට තීරණය කැර ඇති බව අනාවරණය වෙයි.
වර්තමානයේ උද්ගතව ඇති අභියෝග වලට මුහුණදීම සඳහා එක්සත් රාජධානිය සහ අමෙරිකාව ඇතුළු ලොව ධනවත්ම රටවල් 32කින් සමන්විත (IEA) සාමාජිකයන් එක්ව මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව ඉතා ඉක්මනින්ම මෙම තෙල් තොග ලෝක වෙළෙඳපොළට පැමිණීම ආරම්භ වනු ඇති බවද ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය සඳහන් කරයි.
