Impartial news reporting for a stronger democratic society
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කලන ලෝක ශූරතා IRON MAN 70.3 තුන්ප්‍රයාම තරගාවලියට සුදුසුකම් ලබයි

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කලන විජේවික්‍රම ප්‍රංශයේ පැවත්වෙන 2026 වසරේ ලෝක ශූරතා IRON MAN 70.3 තුන්ප්‍රයාම තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගෙන තිබේ.

පසුගියදා ශ්‍රී ලංකාවේ පැවති අන්තර් ජාතික IRON MAN 70.3 තුන්ප්‍රයාම තරගාවලියේ දී වයස් කාණ්ඩ 18 – 24 අංශයේ ප්‍රථම ස්ථානය ලබා ගනිමින් ලෝක ශූරතා IRON MAN 70.3 තුන්ප්‍රයාම තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමට කලන විජේවික්‍රම සමත්  වී ඇත.

දැනට ඔහු ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබන  අතර,හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා ඇත.

පසුගිය දා ශ්‍රී ලංකාවේ පැවති අන්තර් ජාතික IRON MAN 70.3 තුන්ප්‍රයාම තරගාවලියේ දී පැය 4 විනාඩි 37 දක්ෂතාවයක්  ලෙස සටහන් විය. මෙම ජයග්‍රහණය සමගින් ප්‍රංශයේ පැවැත්වෙන 2026 ලෝක ශූරතා IRON MAN 70.3 තුන්ප්‍රයාම තරගාවලිය සඳහා කලන විජේවික්‍රම සුදුසුකම් ලබා ගත් අතර, ඒ අනුව මෙවර එම තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගත් එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වීම විශේෂයත්වයකි. 

සටහන – සමීර මදුසංක හේවා ගමගේ 

Follow by Email
LinkedIn
Share
WhatsApp