Impartial news reporting for a stronger democratic society
ජපාන න්‍යෂ්ටික ආර­ක්ෂණ ඒජන්සියේ නිල­ධා­රි­යාගේ ජංගම දුර­ක­ත­නය ෂැංහයි ගුවන් තොටේ දී අතුරුදන් – රහ­සි­ගත තොර­තුරු රැසක් දුරකතනයේ තිබිලා

ජපා­නයේ න්‍යෂ්ටික ආර­ක්ෂණ ඒජ­න්සියේ නිල­ධා­රි­ය­කුගේ ජංගම දුර­ක­ත­නය චීනයේ ෂැංහයි ගුව­න්තො­ටු­පො­ළළේ දී අස්ථා­න­ගත වී ඇතැයි විදෙස් මාධ්‍ය  පසුගිය දා අනාවරණය කැර ඇත.

ජපාන න්‍යෂ්ටික ආර­ක්ෂණ ඒජ­න්සිය සතු අති­ශය සංවේදී තොර­තුරු එම දුර­ක­ත­නයේ ඇති බව  ද සඳහාන් වේ. චිනයේ පෞද්ග­ලික සංචා­ර­ය­ක් නිම කරමින් නැවත චීනය බලා යෑමට පැමැණි අවස්ථාවේ සිය ජංගම දුරකතනය අස්ථාන ගත වී ඇති බව  අදාළ නිල­ධා­රි­යා දැන ගෙන ඇත්තේ ෂැංහයි ගුව­න්තො­ටු­පො­ළේ දී බව සඳහාන්ය. එහි අඩංගු තොර­තුරු තුන්වැනි පාර්ශ්ව­ය­කට හුව­මාරු වූයේ දැයි මෙතෙක් හෙළි වී නැති බව ජපාන මාධ්‍ය සඳ­හන් කැර තිබේ.

වසර 2011දි සිදුවු දරුණු භුක­ම්ප­න­යෙන් පසු වසා දැමූ සියලු න්‍යෂ්ටික බලා­ගාර නැවත සක්‍රිය කිරී­මට ජපාන රජය පසු­ගි­යදා නියෝග කළ අතර, න්‍යෂ්ටික ආර­ක්ෂණ ඒජ­න්සියේ සේව­ක­යාගේ අස්ථා­න­ගත වූ ජංගම දුර­ක­ත­නයේ ද ඒ පිළි­බඳ වැද­ගත් තොර­තුරු රැසක් තිබූ බව සඳහාන් වේ.( දිනමිණ ඇසුරෙන්)

Follow by Email
LinkedIn
Share
WhatsApp