
ජපාන අගමැතිනි සනාඒ තකඉචි (Sanae Takaichi) පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තීරණය කැර ඇති බව Cyber World Press පුවත් සේවය සඳහාන් කරයි.
ඒ අනුව පෙබරවාරි 8 වැනි දින මැතිවරණයක් කැදවීමට නියමිත බව ජපානයේ කෝඩෝ පුවත් සේවය වාර්තා කරයි.
මේ අනුව ඇය සිකුරාදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සූදානමින් පසුවේ.
මෙම මැතිවරණය හරහා ඇයගේ ශක්තිය තවත් වැඩි වී, පහළ මන්ත්රී මණ්ඩලයේ විශාල බහුතරයක් බවට පරිවර්තනය වනු ඇතැයි ඇය බලාපොරොත්තු වෙයි.
සනාඒ තකඉචි පසුගිය ඔක්තෝම්බර් මාසයේදී බලයට පත්වීමෙන් පසු ඇය ජපානයේ පළමු කාන්ත අගමැතිනිය වූ අතර ඇගේ කැබිනට් මණ්ඩලයට ඉහළ මහජන සහයෝගයක් ද ලැබී තිබු බව Cyber World Press පුවත් සේවය සඳහාන් කරයි.
