
ජපාන අගමැතිනිය සනායි ටකේචි ජූලි මසයේ ඉන්දීය සංචාරයක් සඳහා පැමිණෙන බව cyber World Press පුවත් සේවය වාර්තා කරයි.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ ජපාන අගමැතිනි සනායි ටකේචි ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්විම නියමිත අතර, දෙරටේ ආර්ථික සහ ආරක්ෂක සහයෝගිතාව වර්ධනය කැර ගැනීම මුලික වශයෙන් අපේක්ෂා කරන බව ජපාන අගමැති කාර්යාලයේ නිවේදනයක් උපුටා දක්වමින් cyber World Press පුවත් සේවය සඳහාන් කරයි.
චීනයේ වර්ධනය වන හමුදා සහ ආර්ථික පැවැත්ම ජපානයට මෙන්ම ඉන්දියාවට ද පොදු අභියෝගයක් බැවින් ටකේචි සහ මෝදි අතර චීනය සම්බන්ධව අදහස් හුවමාරු කරගනු ඇතැයි cyber World Press පුවත් සේවය විශ්වාස කරයි.
පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී ජපානයේ ප්‍රධාන කැබිනට් ලේකම් මිනෝරු කිහාරා ප්‍රකාශ කැර ඇත්තේ නිදහස් සහ විවෘත ඉන්දු-පැසිෆික් කලාපයක් සහතික කැර ගැනීමේදී, ඉන්දියාව වැදගත් හවුල්කරුවකු වන නමුත්, අගමැතිනියගේ ඉන්දීය සංචාරය මේ වන තෙක් තහවුරු කැර නොමැති බවයි. අගමැතිනියට විදෙස් සංචාරයකට සහභාගි වීම තහවුරු කිරීම සිදු වන්නේ ලබන මස 17 වැනිදා නිමාවට පත්වීමට නියමිත එරට පාර්ලිමේන්තුවේ වත්මන් සැසිවාරයේ අවසන් කාලසීමාව නිරීක්ෂණය කිරීමෙන් පසුව බව ද කැබිනට් ලේකම්වරයා ප්‍රකාශ කැර ඇති බව cyber World Press පුවත් සේවය සඳහාන් කරයි.
