Impartial news reporting for a stronger democratic society
ජපාන අගමැතිනිය කට දොඩවන්න ගිහින් රාජ්‍ය­තා­න්ත්‍රික අර්බු­ද­යක්! ජපානයට නොයන්නැයි චීනය තම පුරවැසියන්ට කියයි

   ජපා­නයේ නව අග­මැ­ති­නි ලෙස  මෑතකදී  තේරී පත් වූ සනායි ටකේචි, චීනය සම්බ­න්ධව මැති සබයේදී සිදු කළ ප්‍රකා­ශ­ය­ක් නිසා  දෙරට අතර රාජ්‍ය­තා­න්ත්‍රික අර්බු­ද­යක් මතු වී ඇත.

 එම  ප්‍රකාශය  සැලකිල්ලට ගත්  මහඩන චීනය  තම  පුරවැසියන්ට ජපා­නයේ සංචා­රය කිරී­මෙන් වළ­කින ලෙස උප­දෙස් දී ඇති බව විදෙස් මාධ්‍ය   අනාවරණය කරයි.

ඉදි­රි­යේදී චීනය  තායි­වා­න­යට එරෙ­හිව හමුදා බලය යෙද­වී­මක් සිදු ­වු­ව­හොත් තායි­වා­න­යට සහාය පළ කර­මින් හමුදා මැදිහත් වීමකට යෑමට ජපා­න­යට සිදු­වනු ඇතැයි පසු­ගි­යදා එරට මැතිසබයේදී ජපාන අග­මැ­ති­නියගේ ප්‍රකා­ශය එම රාජ්‍ය­තා­න්ත්‍රික අර්බු­ද­යට  හේතු වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත්  පෙන්වා  දෙයි.

එම ප්‍රකා­ශය මුල් කර­මින් ජපා­නයේ සංචා­රය කිරී­මෙන් වළ­කින ලෙස එරට චීන තානා­පති අංශය පුර­වැ­සි­යන්ට උප­දෙස් දී ඇති අතර, ජපාන අග­මැ­ති­නි­යගේ ප්‍රකා­ශ­යෙන් එරට සිටින චීන ජාති­ක­යන්ගේ ආර­ක්ෂා­වට ගැටලුවක් එල්ල වී ඇතැයි , චීන තානා­පති අංශය එම නිවේ­ද­නයේ සඳ­හන් කැර ඇත. එම නිවේ­ද­න­යත් සමඟ චීන ගුවන් සේවය, නැඟෙ­න­හිර චින ගුවන් සේවය සහ දකුණු චීන ගුවන් සේවය සිය වෙබ් අඩවි ඔස්සේ දැනුම් දීමක් සිදු කර­මින් ප්‍රකාශ කැර ඇත්තේ ජපා­න­යට යෑම සඳහා ගුවන් ප්‍රවේ­ශ­පත්‍ර මිල දී ගත් සියලු චින පාරි­භෝ­ගි­ක­යන්ට නැවත මුදල් ලබා­දී­මට පිය­වර ගන්නා බවයි.

ජපාන අග­මැ­ති­නි­යගේ ප්‍රකා­ශය මුල් කර­මින් චීනයේ සිටින  ජපාන තානා­ප­ති­ව­රයා   කැඳවා ප්‍රශ්න කැර ඇත. ජපා­නය, තායි­වාන සමුද්‍ර සන්ධියේ හමු­දා­මය වශ­යෙන් මැදි­හ­ත්වි­මක් සිදු කිරී­මට පිය­වර ගන්නේ නම් එය දරුණු පරා­ජ­ය­කට ලක්වී­මට හේතු­වනු ඇතැයි චීන ආර­ක්ෂක අමා­ත්‍යාං­ශය ද ජපා­න­යට අන­තුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය තවදුරටත් සඳ­හන් කරයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp