Impartial news reporting for a stronger democratic society
ජපානය හෙල්ලෙන ප්‍රබල භු කම්පනයක්

ජපානයේ ෂිමනේ ප්‍රාන්තයට මැග්නිටියුඩ් 6.2 ක ප්‍රබලත්වයෙන් භූමිකම්පාවක් සිදුව  ඇති බව අනාවරණය වෙයි.

එරට වේලාවෙන් අද (06) උදෑසන 10.18ට පමණ මෙය හට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය සඳහාන් කරයි.

චුගෝකු කලාපයට බලපෑ මෙම ප්‍රබල භූමිකම්පාව හේතුවෙන් තොට්ටෝරි ප්‍රාන්තයේ සකායි-මිනාටෝ, හිනෝ සහ කොෆු ප්‍රදේශවලට මෙන්ම ෂිමනේ ප්‍රාන්තයේ මත්සූ සහ යසුගි යන නගරවලට ද එහි ප්‍රබලත්වය දැනී ඇත.

මීට අමතරව, පෙරවරු 10:30 ට පමණ යසුගි ප්‍රදේශයෙන් තවත් භූමිකම්පාවක් වාර්තා වූ අතර එහි මැග්නිටියුඩ් අගය 5.1 ක් ලෙසත් සටහන් වී තිබුණි.

මෙම භූමිකම්පා සම්බන්ධයෙන් ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය කිසිදු සුනාමි අනතුරු ඇඟවීමක් සිදුකර නොමැති බව සඳහාන් වෙයි.( දිනමිණ ඇසුරෙන්)

Follow by Email
LinkedIn
Share
WhatsApp